1200 x 80 DMirror

සිංහල ජනතාව විසින් දෙමළ ස්වෛරීභාවය පිළිගැනීම මගින් රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය

අවසන් කිරීමට එක්ව විසදුම් සෙවිය හැකි බව ශ්‍රී ලංකාවේ දීර්ඝතම විරෝධතාවයේ යෙදී සිටින වන්නියේ නියමුවන් පිරිසක් දකුණේ අරගලකරුවන්ට දැනුම් දී තිබේ.

යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ අත් අඩංගුවේදීත් යුද්ධයේ අවසන් අදියරේදීත් අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයටත් ජාත්‍යන්තරයටත්  බල කරමින් 2017 වසරේ මුල් කාර්තුවේදී වව්නියාවේ ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට දින 1900ක් පිරෙන දිනයේ විරෝධතාවක් දියත් කරමින් දෙමළ මාතාවන් අවධාරණය කර ඇත්තේ සිංහල සහ දෙමළ ජනතාව දිගටම ගැටුමක් තුළ සිටීමෙන් දෙපාර්ශවයටම අත් වන්නේ විනාශය පමනක්  බවයි.

සිංහල සහ දෙමළ ජනතාව එක්ව හොදින් ජීවත්වීමට නම් සිංහල ජනතාව දෙමළ ජනතාවගේ ස්වෛරීභාවය තහවුරු කිරීමට හඬ නැගිය යුතු බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබේ.

 

දෙමළ ජනතාවගේ අයිතිය සිංහල බහුතරය විසින් පිළිගන්නා තෙක් උතුර හා දකුණ අතර ගැටුම්කාරී තත්වයක් ඇති කිරීමට ඉඩ සැලසෙන බව ඔවුහු පෙන්වා දෙති.

වසර දාහතරකට ඉහතදී අතුරුදහන් වු එකම පවුලේ තිදෙනකු සොයා ගැනිමේ අඛණ්ඩ අරගලයක යෙදී සිටියදී පසුගියදා ජීවිතයට සමුදුන් තංගරාසා  සෙල්වරානි මාතාව වෙනුවෙන් මලින් උපහාර දැක්වීමටත් විරෝධතා කරුවන් කටයුතු කළ බව පලාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

අසනීප තත්වයේ පසුවු වව්නියාව, ක්‍රිස්තවකුලම් පදිංචි 75 වැනි වියේ පසුවු තංගරාසා සෙල්වරානි මාතාව සිය ජීවිත ගමන නිමා කර තිබුනේ ජගත් කම්කරු දිනයේය.

පළාත් බද වාර්තාකරුවන් පවසන පරිදි බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර වශයෙන් යුක්තිය අපේක්ෂාවෙන් උතුරේ දියත් කර ඇති අඛණ්ඩ අරගලයට එක්ව සිටි දෙමාපියන් 115  දෙනකුට ආසන්න ප්‍රමාණයක් සිය දරුවන්ට අත්වු ඉරණම නොදැනම මේ වන විට දිවි ගමන නිමා කර තිබේ. ඒ අතුරින් 15දෙනකු වව්නියාවේය.

 


 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය