මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත්, අද දිනයේ ඉල්ලා අස්වීමක් ප්‍රකාශයට පත් නොකළේ

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත බවත්  අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.


අගමැති මහින්ද රාජපක්ෂ අද (04) දිනයේ පාර්ලිමේන්තුව තුල ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වන බව මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද අද එවැනි ප්‍රකාශයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් අප කල විමසීමකදී එම නිලධාරියා එබව කියා සිටියේය.

'' ජනාධිපතිතුමාට මේ දක්වා අගමැති තනතුරට වෙනත් කෙනෙක් හොයාගන්න බැරිවෙලා. අගමැතිතුමාගෙන් ඉල්ලා අස්වෙන්න එපා කියල පණිවිඩයක් එවල තිබුනේ එනිසා. කොහොමටත් දැන් අගමැති ධුරයෙන් අස්නොවෙන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමා දැඩි තීන්දුවක් අරගෙන තියනවා. '' යයි ද එම නිලධාරියා පැවසිය.

රට දවසින් දවස අරාජිකත්වයක් කරා යමින් තිබෙන බැවින්, එම තත්වය වලක්වා ගැනීම සඳහා අගමැතිවරයා ඉදිරි දින කිහිපය තුල බරපතල දේශපාලන තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට නියමිත බව ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද අවධාරණය කර සිටියේය.

පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් ඇත්ද යන්න ගැන කතානායකවරයා තීන්දු කරනු ඇතැයි පැවසූ ගුණවර්ධන අමාත්‍යවරයා, පක්ෂ නායක රැස්වීමේදී ඒ ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද සඳහන් කළේය.

ඕනෑම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව සූදානම් බවත් ආණ්ඩුව ආරක්ෂා කිරීමට සියලුම මන්ත්‍රීවරුන් කැපවී සිටින බවත් සභානායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

 


 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්