'ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම',  අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් සමග අද (04) දිනයේද සාකච්ජා පවත්වා ඇත.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග මෙන්ම, ඊ.පී.ඩී.පී. පක්ෂයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සමග ද වෙන වෙනම සාකච්ජා පැවැත්වූ බව ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයකු පැවසිය.

එසේම මැයි 05 දිනයේ දී දෙමල ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය සමග ද වෙන වෙනම සාකච්ජා පැවැත්වීමට නියමිතය.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට පක්ෂ 11 නියෝජනය කරමින් පත් කරන ලද නියෝජිතයින් 5 දෙනා වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන් මෙසේ අනෙකුත් පක්ෂ සමග සාකච්ජා පවත්වමින් කිසියම් එකඟත්වයක් ඇතිකර ගැනීමට උත්සහ දරමින් සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට මීට පෙර ඉදිරිපත් කළ කරුණු 11ක යෝජනාවලිය තවදුරටත් සංශෝධනය කර පිටු 13කින් සමන්විත නව යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර පක්ෂ අතර සාකච්ඡාවලට පාදකකර ගනු ලබන්නේ එම යෝජනාවලියයි.



ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් පස් දෙනා (05) මැයි මස දෙවැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමග මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබු අතර එහිදී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹී තිබේ. එම සාකච්ජාව පැවතියේ ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙනි.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ජා ආරම්භ වී ඇත්තේ ඉන් අනතුරුවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකඟත්වය ලැබීමට පෙරද ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ජා පවත්වා තිබු අතර මේවනවිට ආරම්භ වී ඇත්තේ දෙවන තෙවැනි වටයේ සාකච්ජාය.


සජබය සහ ජවිපෙය සර්ව පාක්ෂික ආණ්ඩුවට බෑ කියයි - වාසුදේව

මේ අතර ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැයි 3දා පවසා සිටියේ, දැනට යෝජනා වී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සම්බන්ධවීමට නොහැකි බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇති බවයි.

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින්නේ මැතිවරණයක් වුවද මේ මොහොතේ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වුවද තවත් මාස හයකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ඇති බවත් එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි වුවත් ඒ සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව කිසිවෙකුට නැති බවද ඔහු අවධාරණය කළේය.


සජබ මන්ත්‍රීවරුන්ගෙන් සජිත්ට බලපෑම් !

දැනට පිහිටුවීමට යෝජනා වී ඇති අන්තර්වාර රජය සඳහා සහාය ලබා නොදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේවනවිට ප්‍රසිද්ධියේම පවසා ඇතත්, එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අන්තර්වාර රජයකට සහය දැක්වීමට දැනටමත් එකඟ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

සජබ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාවේ තම පක්ෂය ජාතික වගකීම වගකීම බාර ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වන බවයි.

මෙම මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද වාර්තා වේ. ඔවුහු සීමිත කාලයක් සඳහා අන්තර්වාර රජයක් පිහිටුවා මැතිවරණයක් සඳහා රට මෙහෙයවීම පදනමින් ඊට එකඟතාවය පලකර ඇතැයි පැවසේ.

 
 
 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්