නියෝජ්‍ය කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගේ නම යෝජනා කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත් වන බව කතානායක මහින්ද යාපා

අබේවර්ධන නිවේදනය කළ අතර මේ වනවිට ඡන්ද විමසීම ආරම්භවී ඇත.

නියෝජ්‍ය කතානායක සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ගේ නම නිමල් සිරිපාල ද සිල්වා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත එම යෝජනාව ස්ථිර කළේය.

රංජිත් සියඹලාපිටිය ගේ අපේක්ෂකත්වයට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහාය තිබෙන බව ජී.එල් පීරිස් පැවසීය.

සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම රංජිත් මද්දුමබණ්ඩාර විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එම යෝජනාව ස්ථිර කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රකාශකයකු පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවේදී ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ අසුන් ගන්නේ නම් ඔහුට සහය දැක්වීමට සජබ නියෝජිතයින් ඊයේ දිනයේදී සහතික වූ බවයි.

කෙසේවුවද එම එකඟත්වයට පිටුපා අද දිනයේ ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම යෝජනා කිරීම බරපතල පාවාදීමක් බවත් ඔහු සඳහන් කළේය.


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්