'ස්වාධින කණ්ඩායම' නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේ අද (05) රහස් ඡන්දයෙන් නියෝජ්‍ය කථානායක ලෙස


තේරී පත්විය.

නියෝජ්‍ය කතානායක සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ගේ නම නිමල් සිරිපාල ද සිල්වා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත එම යෝජනාව ස්ථිර කළේය.

සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් ගේ නම රංජිත් මද්දුමබණ්ඩාර විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල එම යෝජනාව ස්ථිර කළේය.

ඒ අනුව නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්විණි.

එහිදී රංජිත් සියඹලාපිටිය ට ඡන්ද 148   ක්ද ඉමිතියාස් බාකීර් මාකර් මහතාට ඡන්ද 65 ලැබිණි.

ඒ අනුව වැඩි ඡන්ද 83 ක් ලබා රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය.

 

 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

 
 
 

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image