''ඒත් අපි සතුටු වෙනවා විපක්ෂයක් හැටියට එකට ඉනන්වා. අපි මේ ආණ්ඩුවට මේ ජනාධිපතිවරයා විරුද්ධයි. අපි මේ අගමැතිවරයාට විරුද්ධයි විරුද්ධයි

විරුද්ධයි.'' විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසිය.

නියෝජය කතානායක ධුරයට රන්ජිත් සියඹලාපිටිය පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (05) අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

සමගි ජන බලවේගයෙන් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ලැබුවේ ස්වාධීන වූ කණ්ඩායමෙන් ඉදිරිපත් වුණු අපේක්ෂක රන්ජිත් සියඹලාපිටිය වෙත ආණ්ඩුවේ සහයෝගය ලබා දෙන බවට කළ ප්‍රකාශයෙන් පසුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසුවේය.

මෙම ඡන්ද විමසීම බොරු විපක්ෂය, බොරු විරෝධය දක්වමින් මේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වී විපක්ෂයට පැමිණි කණ්ඩායමේ දේශපාලන ගේම අරගලයට හෙළිදරවු වූ බව ද ඔහු පැවසුවේය.

එම හෙලිදරව් වීම ඉතාම වැදගත් බව ප්‍රකාශ කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙසේ ද පැවසීය.

“අද මේ සභා ගර්භයේ ඡන්දය ලබාදීමේ ක්‍රියාවලිය තුළ එක දෙයක් පැහැදිලි වුනා. විවිධ අයගේ විවිධ පැටිකිරියන් රටටම හෙළි වුනා. විවිධ අය එක් එක් විදිහට රඟපාලා එළියට දෙන පණිවිඩය රටම අන්දවන විපක්ෂ භාවයක්, විකෘති භාවයක්  ජනතාව ඇන්දවීමක් ඒ සියල්ලක්ම එළිය අයට තේරුණා.“

 

''එවැන්නක් වුනේ. බොහොම  පැහැදිලිව කියන්නට ඕන පොහොට්ටුවේ සහයෝගය සියඹලාපිටිය මැතිතුමාට දෙනවා කියන පණිවිඩයත් එක්ක තමයි අපි වෙනස් වුනේ.'

 

PHOTO 2022 05 05 14 41 28


'' අද සියඹලාපිටිය මැතිතුමත් මේ අණ්ඩුවේ රැකවලෙක්, හෙන්චයියෙක්, අතකොලුවක් බවට පත් වුනා කියන එක කණගාටුවෙන් කියනවා. ඒක බොහොම පැහැදිලියි.''

''අද එලියෙ ජනතාවට බොහොම පැහැදිලිව තේරෙනවා මේක ඇතුළෙ සිදුවන ඇන්දවීම. අපි සතුටුවෙනවා මේ අවස්ථාවෙ ඡන්දය ලබා දුන්න ආකාරය ගැන.''

''එළියට බොහොම පැහැදිලියි අරගලයට බොහොම පැහැදීලියි… මේක ඇතුළෙ සිදුවන්නෙ ඔක්කොම දේශපාලන ගේම්.''



Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්