ඉහල යන ජිවන වියදම හමුවේ පීඩාවට පත් දෙමළ ජනයාට සහන සැලසීමට ඉදිරිපත් වන අයුරින්ම
පෙඩරල් පාලන ක්‍රමයක් ලබා දීමට තමිල්නාඩුව ලංකා ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

''ආර්ථික වශයෙන් ලංකාවට උදව් කරන්න හදන තමිල්නාඩු මහ ඇමැති ලංකාවේ ඒකීය රාජ්‍ය අත්හැර දෙමළ දේශය පිළිගන්න ඕනෑ. දෙමළ ජනයාට පෙඩරල් විසදුමක් ලබා ගන්න උදව් කරන්න ඕනෑ,'' යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඉල්ලයි.

පාර්ලිමේන්තු විවාදයකට ඊයේ [4] එක්වූ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ආර්ථික බිඳ වැටී ඇති ලංකාවේ දෙමළ ජනතාව වසර හැත්තෑ හතරක් තිස්සේ දේශපාලන හා ආර්ථික ගැටළු වලින් මහත් පීඩාවට පත්ව ඇති බවයි.

''මේ කාලය තුල  කිසිදු ප්‍රශ්නයකට විසදුමක් ලබා දෙන්න උත්සහා කරලා නැහැ. යුද්ධය අවසන් කරලා දැන් අවුරුදු 13 ක්. ඒත් උතුරු නැගෙනහිර මුහුදේ ආර්ථිකයවත් ගොඩ නගන්න බැරිවෙලා තියෙන්නේ.''

''19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත ගේන්න ඕනෑ කියනවා. ඒත් එය ක්‍රියාත්මක වෙමින් තියෙද්දී තමයි රුපියල් කෝටි ගානක් කොල්ල කාලා තිබ්බේ.''

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැඳවන ලෙස ආණ්ඩුවට සහාය දක්වමින් විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස යෝජනා කළත් විදෙස්ගතව සිටින යුද පිඩිත දෙමළ ජනයාගේ ආයෝජනයට ඔවුන් මැලිකමක් දක්වන බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායකයා පෙන්වා දෙයි.

''ජාතිවාදය අත් හරින්නේ කවද්ද, එදාට තමයි මේ රට සංවර්ධනය වෙන්නේ.'' 

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්