පාර්ලිමේන්තු ප්‍රවේශයේ ඉඳිකර ඇති පොලිස් මාර්ග බාධක වල යට ඇඳුම් එල්ලමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට හා
ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (06) පෙරවරුවේ විරෝධතාවයක් දියත් කළේය.
එම විරෝධතාවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස සිය යට ඇඳුම ගලවා ආරක්ෂක වැටේ එල්ලූ අතර අනතුරුව තවත් තරුණ තරුණියන් පිරිසක් එම විරෝධතාවයට එක්විය.
මෙම විරෝධතාවය සමාජ මාධ්‍ය මෙහෙයුමක් ලෙස සංවිධානය කර තිබු අතර ඊට අදාල පොස්ටු පළවීමෙන් පසු ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරින්ගෙන් ඊට විරෝධයක් ද එල්ලවී තිබිණ.
''ජංගි කියන්නෙ අලුත් රටක ලෙලදෙන ජයග්‍රහණයේ කොඩි''
'නන්දෙට එරෙහි ජංගි විරෝධය' ගැන චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
''දුටුගැමුණුගේ ජංගි කතාව වෙන්නේ පරණ ලෝකෙක. ඒකේ ස්ත්‍රී විරෝධී සංකේතාත්මක වටිනාකම ගැන දන්නේ ජැක්සන් ඇන්තනී වගේ අය. මිලේනියල් හා ජෙන් z එකෙන් දැන් මේ වනන ජංගිය එල්ලන්නේ අපි මෙච්චර කාලයක් පච වේවි තව තවත් මුළු රටම පසුගාමී කරපු පරණ ලෝකයේ "හැඩි දැඩි" කියාගත් පුරුෂ දේශපාලනයට විරුද්ධව.
එතන ජංගි (ගැහැණු යට ඇඳුම්) කියන්නෙ අලුත් රටක ලෙලදෙන ජයග්‍රහණයේ කොඩි. පුරුෂ මූලික පමණක්ම වෙච්ච දේශපාලන පරාජයේ පෙරනිමිති .
#GoHomeGota2022
නන්දෙට ජංගියක් විරෝධය - පාර්ලිමේන්තු වටරවුමේ