තමා කිසිඳු විටෙක රාජපක්ෂවරුන් සමග ඩීල් දමා නොමැති බවත් රාජපක්ෂවරුන්ට එක්වීමට ඩීල් දැම්මේ ශානක්කියම් රාසමාණික්කම් බවත් හිටපු

අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අද (06) පෙරවරුවේ මේබව කියා සිටියේ, මඩකලපුව දිස්ත්‍රික් දෙමල ජාතික සන්ධාන මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී ඊයේ (5) කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

තමා කිසි දිනක රාජපක්ෂවරුන් සමග සිටියේ නැතැයි ද රාජපක්ෂවරුන් නම් තමා පරාජය කිරීම සඳහා ප්‍රභාකරන් සමඟ "චැට් "එකක් දැමුවේ  යැයි ද හිටපු අගමැතිවරයා දැඩි ආවේගයකින් යුතුව එහිදී කියා සිටියේය.

තමා රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  රාසමාණික්කම් වැරදි ප්‍රකාශයක් කර තිබූ බව කී හිටපු අගමැතිවරයා, තමා නොව රාසමාණික්කම් මන්ත්‍රීවරයා නම් මහින්ද රාජපක්ෂ ගෙන් පදිරිප්පු ආසන සංවිධායක කම ලබාගත් බවද කීය.

එහිදී රාසමාණික්කම් මන්ත්‍රීවරයා සඳහන් කළේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තනි තනිව හමුවී රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක බවට පත් කිරීම සඳහා සහයෝගය පළ කරමු යැයි පැවසූ බවයි.

රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුව අමතමින් පැවසුයේ, තමා සියඹලාපිටියට සහය පළකළේ ආණ්ඩුවට එරෙහිව රංජිත් සියඹලාපිටියට ඉදිරිපත් කිරීමට ස්වාධින මන්ත්‍රී කණ්ඩායම හා සජබ ගෙන තිබු තීන්දුවට අනුව බවයි.


''මිනිස්සු මුළු පාර්ලිමේන්තුවටම සාප කරනවා. ''


පාර්ලිමේන්තුව තුළ රට තුළ පවතින අර්බුදයට විසඳුමක් සෙවීම සිදුනොවන බවට රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

''ඇත්තවශයෙන්ම ඒක දිහා බැලුවහම මිනිස්සු කියල තියෙන දේ මේ මුළු පාර්ලිමේන්තුවටම සාප කරනවා. අපි මේ දවසත් නාස්ති කළා කියලා. අපි නිකන් ගහගන්නවා. ආණ්ඩුවයි විපක්ෂයයි ගහගන්නවා. විපක්ෂයයි ආණ්ඩුවයි ගහගන්නවා. විපක්ෂයයි විපක්ෂයයි ගහගන්නවා. අද අපි දිහා බලාගෙන ඉන්නේ.

අපි එන හැමතැනම ඩීසල් නෑ. ගන්න මුදල් නෑ. ආහාර නෑ. අපි දන්නේ නෑ ජූනි මාසේ වෙනකොට මොකක්ද තත්ත්වය කියලා. බැරිද මේ සභාවට ඒක හොයලා දෙන්න.

'' අද අපිට එකඟවෙන්න වෙලා තියෙන්නේ ඒ මිනිස්සු එකක , මේක හොර ගුහාවක් කියලා. කරන්න බැරිනම් ගෙදර යන්න කියලා. අපි මුකුත් කරලා නෑ. මේ කාලසීමාව තුළදී අපි නිකන් කතාකළා. අපි මඩ ගැහුවා. එච්චරයි අපි මේ සභාවේ කරලා තියෙන්නේ. එතකොට ජනතාවට කියනවද අපි එක්ක ඉන්න කියලා. අපි ගැන විශ්වාසය තියෙනවාද.

අදත් එක දවසක්. අපි මේ ගැන හරියට කතාකළේ නැත්නම් අපිට අනාගතයක් ගැන හිතන්න එපා. ඊයේ මොකක්ද අම්පාරේ වුණේ. ? පොලිසියේ කී දෙනෙක්ට ප්‍රශ්න ඇති වුනාද ? මේ කියන මන්ත්‍රීතුමාගේ ගෙදර වටකලොත් මේ කොහාටද යන්නේ. අපි කොතැනට ද යන්නේ. "

"මේ රටේ ප්‍රශ්න විසඳන එකයි තියෙන්නේ. ඒකයි අපි ආණ්ඩුවට කිව්වේ. කරුණාකරලා මේක විසඳන්න, රටේ ජනතාව කියන්නේ රාජපක්ෂවරු යන්න කියලා. මම ඉන්නවා විශ්වාසභංග යෝජනාවේ. මගේ සහයෝගය අවශ්‍ය නැත්නම් කියන්න අයින් වෙලා ඉන්නම්. මට ප්‍රශ්නයක් නෑ.

අපි මෙතනට ඇවිල්ලා නිකන් කෑ ගහලා කතාකරලා යනවානම්. මිනිස්සු අපිව පන්නලා මේක වටකරන එක සාධාරණයි. මම කියන්නේ මෙතන මේ සභාවේ අද අපි මොකක්ද කරන්නේ කියලා තීරණය කරමු කතාව පටන්ගන්න ඉස්සෙල්ලා අපිට මේක ගෙනියන්න බැරිනම් ගරු කථානායක තුමා මේක නවත්වලා ගෙදර යමු. අපාහු පැය 6ක් මෙතන ඉඳලා ටෙලිෆෝන් වලින් සමාජ මාධ්‍යවලින් බැනුම් අහන්න අපිට ඕන නෑ."



සබැඳි පුවත් :


එජාපය TNA සමග ගනුදෙනු අත්හිටුවීමේ තින්දුවක!

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්