තම ආයතනයට එරෙහිව ඇතැම් මාධ්‍යවල පලවී ඇති අසත්‍ය පුවත් වලට එරෙහිව සුදුසු නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භකර ඇතැයි
'පිරමීඩ් විල්මා (ප්‍රයිවට්) ලිමිටඩ්' සමගම පවසයි.
එම සමාගම එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
ඇතැම් මාධ්‍යවලින් තම සමාගම පිළිබඳව කිසිදුකර ඇති ප්‍රකාශ සාවද්‍ය බවත්, පදනම් විරහිත බවත් 'පිරමීඩ් විල්මා' සිය නිවේදනය මගින් අවධාරණය කරයි.
2020 ඔක්තෝබර් මස සිට 2021 පෙබරවාරි මස දක්වා කාලය තුළ සීනි ආනයනය සම්බන්ධයෙන් පිරමීඩ් විල්මා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට සහ එහි අධ්‍යක්ෂකවරු හට මෑතක දී සාවද්‍ය සහ ද්වේශ සහගත වූත් අපහාසාත්මක වූත් චෝදනා කිහිපයක් එල්ල වූ බව 'පිරමීඩ් විල්මා' එම නිවේදනය මගින් කියා සිටියි.
තම සමාගම සෑම අවස්ථාවක දී ම ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ පවත්නා අදාළ නීති සහ රෙගුලාසි වලට පූර්ණ අනුකූලතාව දක්වමින් කටයුතු කර ඇති බවත්, ආයතනික චර්යාවන්හි උසස්තම ප්‍රමිතීන්ට අනුව සදාචාරාත්මක ආකාරයෙන් නිරන්තරයෙන්ම ක්‍රියා කර ඇති බවත් 'පිරමීඩ් විල්මා (ප්‍රයිවට්) ලිමිටඩ්' සමාගම පවසයි.
කෘෂි-ව්‍යාපාර ක්ෂේත්රයේ ආසියාවේ ප්‍රමුඛතම සමූහ ආයතනයන් සමග පාර්ශවකරුවන් ලෙස කටයුතු කරන තම සමාගම පසුගිය වසර ගණනාවක් පුරා රටේ ජාතික ආර්ථිකය වෙත ඉමහත් දායකත්වයක් ලබා දී ඇති බව බව පවසන 'පිරමීඩ් විල්මා', තම ආයතනය සහ/ හෝ ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව සිදු කරන ඕනෑම අපහාසාත්මක ප්‍රකාශයක් බරපතල ප්‍රකාශ ලෙස සලකනු ලබන බව අවධාරණය කර සිටියි.
දැඩි අසීරුතා සහිත මෙකී කාල වකවානුවේදීත් රටේ ජාතික ආර්ථිකය වෙත උපරිම දායකත්වයක් ලබාදෙන බවට ද එම සමාගම සහතික වේ.
ජාතික විගණන කොමිසමේ වාර්තාව
ජාතික විගණන කොමිසම වාර්තාවක් පදනම් කරගනිමින්, පසුගියදා ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුනේ සීනි බද්ද අඩු කිරීමේ සහනය ජනතාවට ලැබී නොමැති බවයි.
සීනි බද්ද අඩු කිරීම මගින් රජයට අහිමි වූ බදු ආදායම, එම වාසිය ලබාගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතු බවට ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කර තිබිණ.
සබැඳි පුවත් :
'සීනි බද්ද අඩු කිරීමේ සහනය ජනතාවට ලැබී නැහැ' - ජාතික විගණන කොමිසම