ජනතාවගේ හඬට ඇහුන්කන් නොදී, ආරක්ෂක බැරියර් තරකර ගනිමින් පොලිස් ආරක්ෂාව යටතේ මේ ආකාරයෙන් පවත්වාගෙන යන පාර්ලිමේන්තුවකින්

රටකට කිසිඳු යහපතක් සිදුනොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

''මේ බැරිගේට්ස් දාගෙන , පොලිස් නිලධාරින් හමුදා නිලධාරින් දාගෙන මෙහෙම පාර්ලිමේන්තුවක් ගෙනියන එක සත පහකට වැඩක් නැති වැඩක්. '' ඔහු එබව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.  

ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය.

''පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මම කණගාටු වෙනවා. මේ කථානායකතුමත්, ආණ්ඩු පක්ෂයත්, ඒ වගේම පක්ෂ නායකයෝත් මේ සුමාන තුනක් තිස්සේ එකතු වෙලා මේ කරන්නේ මොකක්ද කියලා.

 

''රටේ ජනතාව විශේෂයෙන්ම තරුණයන්ගේ මතවාදයන්ට ඇහුම්කන් දෙන්නේ නැතුව, ස්ථාවර නියෝග අත්හිටුවලා පාර්ලිමේන්තුව තුළට මේ රටේ ජනතාව ඉල්ලන විසදුම්,  ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ලබා දෙන විසදුම් මොකක්ද කියලා කියනවා වෙනුවට මේ නිල සම්ප්‍රදායික විදියට වාද කරගෙන, එහාට බැනලා මෙහාට බැනලා මොකක්ද කරන්නේ කියලා මටනම් තේරෙන්නේ නෑ''

 

ඒ නිසා තමා දැන් gota go home කියන එක පටන් අරගෙන දැන් මයිනා go home වලට ගිහිල්ලා , හොරු go gama ට දැන් ඇවිල්ලා තියෙනවා .එතකොට මේ තත්ත්වය තුළ තවදුරටත් මේ බැරිගේට්ස් දාගෙන, පොලිස් නිලධාරින් හමුදා නිලධාරින් දාගෙන මෙහෙම පාර්ලිමේන්තුවක් ගෙනියන එක සත පහකට වැඩක් නැති වැඩක්.

මේ විදියට නම් මේ විහිලු සපයන්න යන්නේ ඊලගට තරුණයෝ මේ පාර්ලිමේන්තුව ඇතුලටත් ලක්ෂ ගණන් ඇවිදිල්ලා මේක ගිනි තියලා දායි. එතකොට ඒකත් සමාජය පිළිගනීවි.

Horu Go Gama

''ජනතාව කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න ''

 

ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්න කැමතියි මෙතන ජනතාව ඉල්ලන දේවල් කිහිපයක් තියෙනවා. ඒ ප්‍රමුඛතාව අපි අදුරගෙන නෑ. මේ ප්‍රශ්නය ආරම්භ වෙන්නේ ඇයි ?

මේ ප්‍රශ්නය ආරම්භ වෙන්නේ මිනිස්සු ගෑස් පෝලිම්වල, තෙල් පෝලිම්වල ඉන්නවා, ඒවයෙ හිටියත් කන්න සල්ලිත් නෑ. තුන්වේල කාපු මිනිස්සුන්ට දෙවේලක් කන්න වෙලා තියෙනවා. රෑට කලුවරේ ඉන්න වෙලා තියෙනවා. ජනතාව ඉල්ලන්නේ මේකට විසදුමක්.

එතකොට මුදල් ඇමතිතුමා IMF එකට ගිහිල්ලා ඇවිල්ලා කිව්වම දැන් අපි මෙන්න මෙන්න මේවා මේවා තමයි කරන්න ඕන කියලා කිව්වම අඩුතරමින් අඩුම ගානෙ ඒ කලයුතු යෝජනා පිලිබදවවත් මේ පක්ෂ විපක්ෂ දෙකෙන්ම සාකච්ඡා නොකිරීම ඇත්තටම කණගාටුදායකයි.  


''අපේ රටට අබ සරණයි''


ඇත්තටම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා වැඩකුත් නෑ කියලයි හිතෙන්නේ. මොකද පුද්ගලික අංශයේ වැඩ කරපු කෙනෙක් විදියට අපි දන්නවා අපි කොච්චර කාර්‍යක්ෂමව වැඩ කරනවද කියලා. ප්‍රතිඵල ඉලක්ක කරලා කොච්චර වැඩ කරනවද කියලා. නමුත් මේ තත්ත්වයෙන් නම් ගෙනියන්නෙ අපේ රටට අබ සරණයි කියලා තමා කියන්න තියෙන්නේ .

ඒ වගේම මුදල් ඇමතිතුමාගේ කතාවෙදී කිව්වා දැන් ඓතිහාසික වැරැද්දක් කියලා මේ IMF එකට යන එක පරක්කු කරන එක. අපි විපක්ෂය විදියට මුල ඉදලාම මේක කියද්දී අපට කිව්වා ඔන්න පිස්සු දොඩවනවා කියලා.

 

ඒ වගේම ජනාධිපතිවරයාගේ උද්ධච්ජ තකතීරු පොහොර තහනම් කිරීම හා කාබනික පොහොරවලට එක පාර යෑම පිලිබදව අපි කරුණු දක්වනකොට ඔය ආණ්ඩු  පක්ෂයේ උදවිය අපිට මඩ ගහන්න ගත්තා අන්න රසායනික පොහොර සමාගම්වලින් සල්ලි ගන්න කට්ටිය කියලා. දැන් ඇවිල්ලා සමාව ඉල්ලලා , ඓතිහාසික වැරැද්දක් කියලා වැඩක් නෑ.

 

ඒ වගේම රුපියල ක්‍රමිකව අතෑරියා නම් ශ්‍රමිකයන්ගෙන් මුදල් එනවා. මුදල් ආවනම්, ඩොලර් ආවානම් ආනයනය සදහා සල්ලි තියෙනවා. එහෙනම් බඩු ආනයනය කරන්න පුලුවන්. මෙහෙම පෝලිම් හැදෙන්නේ නෑ. අපි ඕවා කියද්දී අජිත් නිවාඩ් කබ්‍රාල් මොකක්ද කිව්වෙ. අපි ගාව සැලසුම් තියෙනවා. ඔක්කෝම කරනවා කියලා.

රට බංකොලොත් වුණත් කබ්රාල් සුඛිත මුදිතයි - ගාමිණී වියන්ගොඩ

මේ නිවාඩ් කබ්‍රාල් හිරේ යන්න ඕන මිනිහෙක්..

 

මට කියන්න කණගාටුයි. කෝප් සභාවේ මන්තීවරයෙක් ලෙස මම දකිනවා විවිධ රාජ්‍ය ආයතන ඇවිල්ලා කතා කරනකොට මේ මහ බැංකු අධිපතිවරයා, හිටපු අජිත් නිවාඩ් කබ්‍රාල් කොයිම ආකාරයට උද්දච්ච විදියට, ඒකාධිපති විදියට, මේ රටේ ආර්ථිකය ඝාතනය කිරීම සදහා පියවර අරන් තියෙනවා ද කියලා.

ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ නිවාඩ් කබ්‍රාල් හිරේ යන්න ඕන මිනිහෙක්. ආර්ථික ඝාතකයෙක්. ඔහු නිසා එදා රු. 180ට බාර දුන්න ඩොලර් එක අද රු. 370 පැනල තියෙනවා. මං දන්නෑ අද 375 ද 380 ද කියලා. ඒ නිසා නිවාඩ් කබ්‍රාල් ඉල්ලා අස් උනා කියලා උත්තරේ ලැබෙන්නේ නෑ.


''රාජ්‍ය නිලධාරින්ගේ වංචා -දූෂණ ගැන කවුරුත් කතා කරන්නේ නෑ''


තව කාරණයක් කියන්න ඕන මේ පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තුවේ ඉන්න අය කරන වැඩ ගැන විතරයි කතා කරන්නේ. නමුත් රාජ්‍ය ආයතනවල, රාජ්‍ය නිලධාරින් හරහා සිදු වන දූෂණ හා අක්‍රමිකතා ගැන කවුරුත් කතා කරන්නේ නෑ .


අපි විවිධ ආයතන ගේනකොට ඒවයේ සිදු වන විවිධ හොරකම්, වංචා, දූෂණ පිලිබද හෙලිදරව් වෙනවා. ඒත් ගන්න පියවරක් නෑ. පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා, එතනින් එහාට නෑ.

 

උදාහරණයක් විදියට සමහර බැංකුවලින් රුපියල් බිලියන ගණන් ණය දීලා එක එක පුද්ගලයන්ට. ඇප තැන්පතුවක්වත් නැතුව ණය දීලා. අද අය කරගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් සාමාන්‍ය මිනිහෙක්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෙක් ණයක් ගන්න ගියාම රටේ නැති ෆෝම් පුරවලා, ඇප තැන්පතුවක් ඉල්ලනවා. නමුත් බිලියන ගණන් ණය දීලා තියෙනවා මේ ඇප තැන්පතුවක්වත් හරියාකාරව නැතුව.

 

ඒ නිසා මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මේ කතන්දරය හරියාකාරව තේරුම් ගන්නෙ නැතුව සමහරු එනවා ඒගොල්ලො වෙනුවට මේගොල්ලො ඇමතිකම් ගන්න. එතකොට අපි එකතුවෙලා කොහොමද අරගොල්ලො අයින් කරලා මේගොල්ලො ඇමතිකම් ගන්නෙ කියලා. එක එක්කෙනාගේ මේ තට්ටු මාරු ක්‍රමයට ඇමතිකම් දීලා හරියන්නේ නෑ.

මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අය තමා ජනතාව ඉල්ලන ආර්ථික සහන ලබා දෙන ක්‍රමවේදය සහ මේ දේශපාලන ක්‍රමයේ  තියෙන මජර ස්වභාවය නැති කිරීම සදහා ව්‍යවස්ථාව තුලින් ගන්නා වූ ප්‍රතිසංස්කරණ පිලිබද ජනතාවට දැනුම් දෙන්න ඕනෑ. ඒ නිසා මේ සතියක් හැර සතියක් පාර්ලිමේන්තුව කැදවීම නෙවෙයි මේ මොහොතේ කල යුත්තේ.

5f6c89506d216 Mahinda Yapa New

''දැන් කථානායකතුමාට කියන්නේ hora gogama ගම්මුලාදෑනි කියලා.''

 

දැන් කථානායකතුමාට කියනවා hora gogama ගම්මුලාදෑනි කියලා. එතුමාට ලැජ්ජාවක් තියෙනවා නම්, පක්ෂ නායකයන්ට ලැජ්ජාවක් තියෙනවා නම්, මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍ර තීරණය කරන්නේ පක්ෂ නායකයෝ නේ. ඒගොල්ලො මේ ප්‍රශ්නය පිලිබද අවබෝධයක් ගන්න ඕන. මේ සතියේ පාර්ලිමේන්තුව රැස් වෙනවා, ආවා, කතා ටිකක් කලා, කාට හරි බැන්නා, ගියා. එහෙම නෙමෙයි විය යුත්තේ.

මේ හදිසි අවස්ථාවකදී, අයවැය කාලේ හැමදාම පාර්ලිමේන්තුව රැස් වෙන්න පුලුවන් නම්, සෙනසුරාදාටත් රැස් වෙන්න පුළුවන් නම්, මේ රටේ 1953 පස්සේ අවුරුදු 69 ට පස්සේ හර්තාල් එකක් ඇවිල්ලා තියෙන්නේ.

අපි පහුගිය කාලේ දිගින් දිගට කිව්වා, ඇහුවෙ නෑ. දැන්වත් අපි කියන නිසා නෙමෙයි ජනතාව කියන නිසා මේ ස්ථාවර නියෝග අත්හිටුවලා, මේකට විශේෂ කමිටුවක් දාලා මේ පාර්ලිමේන්තුව රැස් වෙලා මේ ප්‍රතිසංස්කරණ දෙක ලබා දෙන විදිය ගැන කියන්න. එහෙම නොවුනොත් මටනම් පෞද්ගලිකව මේ පාර්ලිමේන්තුවට පැමිණීමත් අප්පිරියා වෙලා තියෙනවා කියලා තමා කියන්න තියෙන්නේ.''




කියවන්න :
රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්...- ගාමිණී වියන්ගොඩ



Leader Whats app

 

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්