1200 x 80 DMirror

ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දහසකට අධික වෘත්තීය සමිති සහ බහුජන ව්‍යාපාර

විසින් දිවයින පුරා අතිශය සාර්ථක ලෙසින් දියත් කෙරුණු වැඩවර්ජනයට සහ හර්තාලයට සහයෝගය පළකරමින් අවිස්සාවේල්ල පොලිසිය අසල ඊයේ රාත්‍රියේ ඇද තිබූ කළු කොඩි කපා දැමූ පොලිසිය පසුබස්වා ප්‍රදේශ වාසීන් විසින් නැවත අද උදෑසන කොඩිවැල් ඇද තිබේ.

උසස් නිලධාරියකු ඇතුළු නිල ඇඳුම් සහ සිවිල් ඇඳුම් හැඳි සන්නද්ධ භටයන් විසින් කොඩි කපා රැගෙන යාම අභියෝගයට ලක් කළ ප්‍රදේශවාසීන් පෙන්වා දී ඇත්තේ රටපුරා පැවැත්වෙන විරෝධතාවට සහභාගී වීම වලක්වා ලීමට පොලිසියට අයිතියක් නැති බවයි.

එම කරුණු දැක්වීම හමුවේ පොලිස් නිලධාරියා විසින් කපාගන්නා ලද කොඩිවැල් ආපසු බාරදීමෙන් අනතුරුව විරෝධතාකරුවන් කිසිදු බාධාවකින් තොරව නැවත පාර හරහා කළුකොඩි දමා තිබේ.

හර්තාලයට සහාය දක්වමින් ඉන්ධන පිරවුම් හල් හැර අනිකුත් කඩසාප්පු, කාර්යාල සහ පාසල් ඇතුළු ආයතන වසා දමා තිබුණු අතර සෞඛ්‍ය, වතුකර, රාජ්‍ය සේවා, සංස්ථා සහ නීතිඥ ක්ෂේත්‍රවල කාර්ය මණ්ඩල වැඩවරා පෙළපාලියෙන් පැමිණ නගර මධ්‍යයේ විරෝධතා රැළියක් පවත්වන ලද බව ප්‍රදේශවාසී වාර්තාකරුවෝ පවසති.

නගර මායිමේ පිහිටි සීතාවකපුර නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරුවෝ වැඩ වර්ජනය කර විදියේ විරෝධතාවට එක්ව සිටියේ කන්ටේනර් ප්‍රවාහන යන්ත්‍ර හරස් කොට කම්හල් පිවිසුම අවහිර කරමිනි.

 


Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය