නියෝජ්‍ය කතානායක ධුරයෙන් වහාම යළි ඉල්ලා අස්වීමට තමා තීරණය කළ බව නැවැතත් එම තනතුරට

තරග කර ජයගත් රංජිත් සියඹලාපිටිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී ඇත.

අද (මැයි 06) රාත්‍රියේ ඔහු එම දැනුම් දීම කළේ, පාර්ලිමේන්තුවේ ඊයේ (මැයි 05) පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් යළි නියෝජ්‍ය කතානායක ධුරයට පත්ව පැය 24ක් තුළයි.

ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ කිහිපයක් ස්වාධීන වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමත් සමග නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරාපත් කර ගැනීමට අවස්ථාව සලමින් රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් පසුගිය අප්‍රේල් 05 වැනිදා ඉල්ලා අස්විය.

එහෙත් පසුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි තමා ඉල්ලා අස් නොවන බවත් අප්‍රේල් මස අග දක්වා තමා ධුරයේ කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා මැයි 5 වැනිදා පැවැති ඡන්දයේදී ඔහුගේ නම යළි එම ස්වාධීන වූ කණ්ඩායම යෝජනා කළ අතර ඔහුට රජයේ සහයද ලබාදෙන බව අමාත්‍ය ජී.එල්.පීරිස් පැවසීමත් සමග සමගි ජනබලවේගය පැවසුවේ රංජිත් සියඹලාපිටියට රජයේ සහය හිමිවන බැවින් ඒවෙනුවෙන් විපක්ෂය ඉමිතියාස් බාකීර් මාකාර් හේ නම යෝජනා කරන බවයි.

එම හේතුවෙන් පැවති රහස් ඡන්දයෙදී වැඩි ඡන්දයෙන් යළිත් නියෝජ්‍ය කතානායක ධුරයට ඔහු තේරී පත්විය. දැන් ඔහු යළි ඉල්ලා අස්වීමත් සමග යළි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.



යළි ඉල්ලා අස්වූයේ ඇයි?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් රංජිත් සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු කණ්ඩායමක් රජයේ දැරූ තනතුරු අතහැර විපක්ෂයට යාමට සමගාමීව වඩාත් ඉදිරි පියවරක් ලෙස නියෝජ්‍ය කථානායක ධුරය පාර්ලිමේන්තුවේ ස්වාධීන තනතුරක් වුවත් ආණ්ඩු පක්ෂයේ යෝජනා ස්ථිරත්වයෙන් පත්වුණ බැවින් තමා සදාචාරාත්මකව සිතා ඉන් ඉල්ලා අස්වූ බවයි.

ඒ අනුව මැයි 05 දින පැවති නව නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම සඳහා ඉදිරිපත් වීමට තම පක්ෂය සහ පක්ෂයට එක් ව සිටි අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම් තමාට යෝජනා කළේ ඒ තුළින් විවිධාකාරයෙන් බෙදී සිටින සමස්ථ විපක්ෂයම ඒකමතික තීරණයකට පැමිණ තිබු බැවින් යැයි රංජිත් සියඹලාපිටිය සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

එය විපක්ෂයේ ශක්තිය පෙන්විය හැකි හා ඉදිරියේදී සියලු දෙනාගේ කතා බහට ලක්වන අන්තර්වාර පාලනය හා ඊට අවශ්‍ය සැබෑ සර්වපාක්ෂික එකතුවකට අදාල පැහැදිලි පසුබිමක් නිර්මාණය කර ගැනීමට ඉතා අගනා අවස්ථාවක් බැවින් තමා එම යෝජනාව පිළිගත්තේ අවංකවම මෙම කරුණ නිසා බව සියඹලාපිටිය සඳහන් කළේය.

එසේ වුවත් නව නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ දී අවසන් මොහොතේ විපක්ෂයේ ඇතිවූ බෙදීම මත නම් දෙකක් ඉදිරිපත් වීම නිසා ඡන්ද විමසීම පැවතියේ රහස් ඡන්දයක් ලෙස වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රසිද්ධියේ තමා හට සහය දෙන බව ප්‍රකාශ කිරීම තුළ රටේ බහුතර ජනතාවට ගම්‍ය වී ඇත්තේ යහපත් චිත්‍රයක් නොවන බව පෙනී යන්නේ යැයිද ඔහු සිය ලිපියෙන් දක්වා ඇත.

ඔහු පෙන්වා දෙන්නේ ජනතා සටනට සහාය දීම වෙනුවෙන් අඩියක් පෙරට තබා තනතුර අත්හළ තමා ඊයේ සිට ඔවුන්ගේ සතුරෙකු ලෙස දකින බැව් විවිධ හැසිරීම් තුළින් පෙනී යන බවයි.



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙස දේශපාලනයට පැමිණි තමා හට පෙළපාලි, විරෝධතා, සටන් පාඨ, කඳුළුගෑස්, බැටන් ප්‍රහාර හා ඉන් එහා ගිය සිර අඩස්සි පවා හොඳින් හුරු පුරුදු වුවත් ජනතාව මෙවැනි අසීමිතව පීඩනයකට පත් වී ඇති අවස්ථාවක එක් මොහොතක් හෝ ඔවුන් ගේ පොදු සතුරෙකු ලෙස ඔවුන් දැකීම තමාට කිසිසේත් දරාගත නොහැකි බව ද සියඹලාපිටිය පෙන්වා දෙයි.



එම නිසා වගකිවයුතු තනතුරු රැසක් දැරූ තමාට ඉතා අසීරු තීරණයක් ගැනීමට සිදුව ඇති බවත් ඉන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට යම් බාධාවක් වන්නේ නම් ප්‍රථමයෙන් බලවත් සේ කණගාටු වෙන බවත් ඒ අනුව මැයි 05 දින පැවති ඡන්දයෙන් පත්වූ නව නියෝජ්‍ය කතා නායක තනතුරෙන් වහාම ඉල්ලා අස්වීමට තමා තීරණය කළ බවත් රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙයි.


නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීමේදී මොකද වුණේ?

රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්දයෙන් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මැයි 05 වැනිදා පාර්ලිමේන්තුවේදී යළි තේරීපත් විය.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ආණ්ඩුව අපේකෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටියත් රංජිත් සියඹලාපිටියට සහයෝගය ලබා දෙන බව නිවේදනය කළේය.

ඒ අනුව රංජිත් සියඹලාපිටිය ඡන්ද 148 ක් ලබා ගත් අතර ඉමිතියාස් බාකීර් මාකර් ලබා ගත්තේ ඡන්ද 65ක් පමණයි. ඡන්ද 03ක් ප්‍රතික්ෂේප විය. මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නොමැත.

යළි නියෝජ්‍ය කතානායක ධුරයට පත්වීමෙන් අනතුරුව රංජිත් සියඹලාපිටිය කියා සිටියේ විපක්ෂය සටන පාවාදුන් බවයි. විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන තම බලවත් කණගාටුව පළකරන බවයි.

මෙය අර්බුදකාරී අවස්ථාවේ සටන පාවා දීමක් බවද නියෝජ්‍ය කතානායකවරයා කීය.

"උදෑසන වන විටත් තිබණේ විපක්ෂයේ ද එකමුතුවෙන් මගේ නම යෝජනා කරන ස්වරූපයක්. අප විපක්ෂයට යාම අද තත්ත්වය නිසා කිසි සේත්ම වෙනස් වන්නේ නැහැ යනුවෙන් ද සියඹලාපිටිය අවධාරණය කළේය. 

 
ජනතාවගේ හඬ තේරුම් නොගත්තොත් පාර්ලිමේන්තුවේ විශ්වසනීයත්වය නැතිවනු ඇතැයි සමගි ජන ජනබලවේගය මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් පැවසීය.

නියෝජ්‍ය කතානායක ඡන්දය අවසන් වීමෙන් පසු ප්‍රකාශයක් කරමින් බාකීර් මාකාර් මේ බව සඳහන් කළේය.

"නියෝජ්‍ය කතානායක නිලවරණයේදී මට ඡන්දය දුන් මෙන්ම නොදුන් අයටත් ස්තුතියි. මේ සභාව යනු අපේ රටේ ජනතාවගේ හඬ නියෝජනය වන මධ්‍යස්ථානයක් මෙන්ම හරස් කඩක් විය යුතුයි. මේ විශ්වාසනීයත්වය රැක ගන්නට බැරි වුණොත් ප්‍රශ්නාර්ථයක්. වත්මන් පාලනයට විරුද්ධව මතයක් යන අවස්ථාවේදී මේ ඡන්දය පාවිච්චි කිරීම තේරුම් ගන්න බැරි දෙයක්. ජන මතයේ ප්‍රවණතාවය පෙන්නුම් කරමින් නිර්භීතව පෙනී සිටි සියලු මන්ත්‍රීවරුන්ට ආචාරය පුද කරනවා," යනුවෙන් බාකීර් මකාර් සඳහන් කළේය.

"ජනතාවගේ හඬ තේරුම් ගන්න. කෘතිම විදිහට සභාවේ මොන හඬක් නැඟුවත් වැඩක් නැහැ. ඒක තේරුම් ගන්න". ඔහු වැඩිදුරටත් පැවසීය.

"ආණ්ඩුවට බැරිවුණා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න. ආණ්ඩුව එක්කෙනක් ඉදිරිපත් කළා නම් ආණ්ඩුවට මෙතන බහුතරය තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ ප්‍රතිඵලය පිලිගෙන වැඩකරමු. අපි එකතු වෙලා වැඩ කරමු."

"අද විවිධ කණ්ඩායම්වල පැටිකිරිය හෙලිවුණා. සියඹලාපිටියත් ආන්ඩුවේ රැකවෙලෙක්, අතකොළුවක් හෙන්චයියෙක් බවට පත්වුණා. අද එළියේ ජනතාවට පැහැදිලියි, මේක ඇතුලේ දේශපාලන ගේම්. අපි මේ ආණ්ඩුවට විරුද්ධයි. ජනාධිපතිට විරුද්ධයි. අගමැතිට විරුද්ධයි. විරුද්ධයි. විරුද්ධයි. විරුද්ධයි."

නියෝජ්‍ය කතානායක ධුරයට සඳහා නිමල් සිරිපාල ද සිල්වා විසින් රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා යෝජනාව ස්ථිර කළේය.

මෙහිදී නැඟි සිටි අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයට පත් කිරීම සඳහා ආණ්ඩුවේ සහය දෙන බව පැවසීය.

සමගි ජනබලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයට පත් කිරීම සඳහා ආණ්ඩුව සහය දීමට තීරණය කර ඇති නිසා තමන් වෙනත් අපෙක්ෂකයෙකු යෝජනා කරන බවයි. එහිදී ඔහු ඉමිතියාස් බාකිර් මාකර්ගේ නම යෝජනා කළ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා යෝජනවා ස්ථීර කළේය.

නියෝජ්‍ය කතානායක පත්කර ගැනීමේ ඡන්ද ලකුණු කිරීමේ පත්‍රිකාවේ අත්සන යෙදිය යුතු බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කිරීමෙන් පසු සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ආණ්ඩු පාර්ශ්වයේ බොහෝ පිරිසක් තම අපේක්ෂකයාට ඡන්දය දීමට සූදානමින් සිටින හෙයින් අත්සන් කිරීමෙන් රහස්‍යභාවය නැති වෙන බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසූයේ එලෙස අත්සන් කළ යුත්තේ සභාවේ ස්ථාවර නියෝග අනුව බවයි.

නියෝජ්‍ය කතාකනාකවරයා තේරීමේ ඡන්ද විමසීම කාටත් පෙනෙන සේ විද්‍යුත් ක්‍රමයට පවත්වන්නැයි, සමගි ජනබලවේගය මන්ත්‍රී එස්.එම් මරික්කාර් ඉල්ලා සිටි අතර කතානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව ඡන්ද විමසීම ආරම්භ වූ අතර පළමුව ඡන්දය භාවිත කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසිනි.

නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්දය සලකුණු කිරීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඡන්ද පත්‍රිකාව ඉහළට ඔසවා ප්‍රදර්ශනය කරනු ලැබීය.

ඡන්දය ප්‍රකාශ කොට පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම වැරදි බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී චෝදනා කර සිටියේය.

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී එම ඒ සුමන්දිරන් පැවසූවේ "සියඹලාපිටිය වෙනුවට සියඹලාපිටිය! ගණන් ගැනීම දැන් පැහැදිලියි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැබෑ විපක්ෂය 65 (සමහරවිට අද නොපැමිණි තවත් +5) යි. "ස්වාධීනවූවන්ගේ" නාටකය අද හෙළිදරව් විය."

cvgffg

"ශ්‍රීලනිපය සහ "විසම්මුතිකයින්" අද තවදුරටත් හෙළිදරව් වී ඇත්තේ ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගය ප්‍රමාද කිරීමට ඔවුන්ට අවශ්‍ය බැවිනි. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව මුලින්ම ගෙන ඒමට අවශ්‍ය වන්නේ "වෙනසක්" පෙන්වා ජනතාව ගොනාට අන්දවා නැවත ගෝඨාභය රාජපක්ෂ යටතේ තම තනතුරු ලබා ගැනීමටයි."

නිතීඥ ගෙහාන් ගුණතිලක පවසන්නේ "ඔබගේ දේශපාලන නැඹුරුව කුමක් වුවත්, කරුණු සෘජු යි: ජනතා විරෝධය සමග සිටින්නේ මන්ත්‍රීවරුන් 65ක් පමණයි, ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කියන මන්ත්‍රීවරුන් සිටින්නේ 65ක් පමණි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ මන්ත්‍රීවරුන් 65ක් පමණයි."

xgfghg

මේ අතර හරිනි අමරසූරිය පැවසුවේ "නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටියගේ ඡන්දය ආණ්ඩුව කරකැවුයේ රජය කෙරෙහි විශ්වාසය පළ කිරීමක් වශයෙනි. පාර්ලිමේන්තුවෙන් පිටත සිදුවන දේ ගැන රජය තේරුම් ගන්නේ කෙතරම් අල්පවශයෙන්ද යන්න සහ ඔවුන් කොතරම් සැලකිල්ලක් නොදක්වන්නේද යන්න මෙයින් පෙන්නුම් කරයි."

werdf

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යන් රාසමනික්කම් පවසුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ගේ ක්‍රියාකලාපයන් ගැන ලැජ්ජාවන බවයි.

vbcghfhg

ශානක්‍යන් රාසමනික්කම් ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසුයේ, තමා කිසිඳු විටෙක රාජපක්ෂවරුන් සමග ඩීල් දමා නොමැති බවත් රාජපක්ෂවරුන්ට එක්වීමට ඩීල් දැම්මේ ශානක්කියම් රාසමාණික්කම් බවත්ය.



නිතීඥ සුරේන් ප්‍රනාන්දු පැවසුවේ "නියෝජ්‍ය කතානායක වරයා නියෝජ්‍ය කථානායක ධූරයට තරඟ කිරීමට ඉල්ලා අස්වෙයි... ස්වාධීන මන්ත‍්‍රීවරු ආණ්ඩුව සමග එකට වැඩ කරන්න ආණ්ඩුවෙන් ඉවත් වෙයි, හිටපු නියෝජ්‍ය කථානායකවරයා තවමත් නියෝජ්‍ය කථානායකවරයා වන අතර "ස්වාධීන මන්ත්‍රීවරුන්" තවමත් රජයේ මන්ත්‍රීවරුන්ය. ජනතාව නියෝජනය කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 65ක් ඉතිරිව සිටිති."

 sfhdh

(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

 

 

ගෝඨාගේ හදිසි නීතියෙන් අරගලයට කරන්න යන දේ | The Leader TV

 

 

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්