1200 x 80 DMirror

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට

විපක්ෂයේ දේශපාලන පක්ෂ ඉදිරිපත් නොවන්නේ නම්, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී අද (07) දහවල් රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට තිබේ.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ආණ්ඩුව බාරගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කල යුතු  බව එහිදී ප්‍රකාශ වී ඇත.

පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වේ.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, ජයන්ත සමරවීර, අසංග නවරත්න, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ඇතිව තිබෙන අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර් කලින ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පසුගිය සතියේ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වීය.

 

 

 


Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය