ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන

පෙරමුණේ (පොහොට්ටුවේ) ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා එම පක්‍ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් හෙට (09) දිනයේ කැඳවා තිබේ.

එහිදී එම ජනාධිපති ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත බවත් පවතින තත්ත්වය මත පක්ෂය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් වහා කැඳවීමට නියමිත බවත් පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පැවසු බව 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි.

නමුත් එකී සාකච්ඡාව පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා දීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවෙතත් අග්‍රාමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමෙන් පසු රට පාලනය කරගෙන නිසි ක්‍රමවේදයක් ඇත්නම් ඉල්ලා අස්වීමට සූදානම් බවද මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේදී සදහන් කර ඇත.

මේ අතර හෙට දිනයේ අරලියගහ මන්දිරය ඉදිරිපිටට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දස දහසක් වැඩි පිරිසක් කැඳවීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සැලසුම්කර තිබේ.

‘අගමැති මහින්ද රැකගනිමු’ යන තේමාවෙන් අගමැතිවරයාට සහාය පල කරමින් සිදු කරන විරෝධතාවක් සඳහා මෙම කැඳවීම කර ඇත.

mahinda

ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා


මේ අතර ඊයේ (07) දිනයේ පොහොට්ටු පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් අරලියගහ මන්දිරය වෙත කැඳවා තිබු අතර එහිදී, අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ඔවුන් විසින් විසින් දැඩිව හෙළා දැක තිබිණ.

අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් අවශ්‍ය නම් අගමැති ධුරයෙන් නෙරපා හරින ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන ලෙසත් ඔවුන් ඉල්ලා තිබේ.

එසේ කලහොත් නැවතත් පෙරටත් වඩා ශක්තිමත්ව අගමැති ධුරයට පත් කරන බවට ඔවුන් එහිදී අග්‍රාමාත්‍ය වරයට සහතික වී ඇත.

ජනතාව යන්න කියන්නේ අග්‍රාමාත්‍යවරයාට නොව ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බවත් පළාත් පාලන නියෝජිතයන් මෙහි දී පෙන්වා දී ඇත.


 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්