සමගි ජන සන්ධානය විසින් ආණ්ඩුව බාර ගන්නේ නම් මුළු ආණ්ඩුවම බාරගන්නා ලෙසත්, තම මන්ත්‍රී කණ්ඩායම සමග එක්ව අන්තර්කාලින ආණ්ඩුවක්

පිහිටුවීමට එකඟවන්නේ නම් අගමැතිවරයා නම් කිරීම ජාතික සභාවේ තීන්දුව මත සිදුවිය යුතු බවත් ස්වාධින මන්ත්‍රී කණ්ඩායම විසින් සබජ නියෝජිතයින්ට දැනුම් දුන්බව එම මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයෙක් පැවසිය.

තම සන්ධානය අන්තර්කාලින ආණ්ඩුවකට එකඟවන්නේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත්කළ කරුණු 11 යුතු යෝජනාවලියට අනුව පමණක් බවත්  ඔහු අවධාරණය කර සිටියේය.

මන්ත්‍රීවරුන් 41 දෙනෙකුගෙන් සමන්විත ස්වාධින මන්ත්‍රී කණ්ඩායම අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා ඉදිරිපත්කර ඇති යෝජනා මෙසේය.


1). ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම.

2). අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යංශ ගණනක් සහ ඒවායේ විෂය පඨය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම.

3).ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම.

4. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම.

5).  ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම.

6. ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම.

7. ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යංශයක් සඳහාම විශේෂඥයින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම.

8). ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ඛනිජතෙල්, ගෑස්, පොහොර හා අනෙක්තු කෘෂිකාර්මික යෙදුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

9). පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පත් කිරීම.

10). විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පැනවීම.

11). අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය, බලශක්ති වැනි විෂයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු වෙනස් වීම සමඟ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තීන් වෘත්තිකයින්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස හයක කාල සීමාව තුළ දී සකස් කිරීම.


අන්තර්වාර ආණ්ඩුවකට සජබ එකඟවෙයි !


මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව, අර්බුදයට විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබාදීමට ඊයේ (07) තීරණය කර තිබිණ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කර ඇත.

SJB latter 2022 1

නීතිඥ සංගමයෙන් දහතුන් වැදෑරුම් වැඩ පිළිවෙලක්:


වත්මන් අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දහතුන් වැදෑරුම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ. එම යෝජනා සංක්ෂිප්ත ලෙස පහත පරිදිය.


1). සිදු කරනු ලබන සියලු දෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කල යුතුය.

2). අප්‍රමාදව 20වන සංශෝධනය අහෝසි කරන 21වන සංශෝධනය ඉදිරිපත් කල යුතුය. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව අඩු නොකිරීමට වග බලා ගත යුතුය.

3.) මහ බැංකු අධිපති සහ මුල්‍ය මණ්ඩල සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් පත්කිරීම, අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව කිරීම ආදී එකතු කිරීම් කිහිපයක්ද යෝජනා කෙරේ.

4). 21වන සංශෝධනය බලාත්මක කල වහාම සියලු ලේකම්වරුන් සහ සියලු ස්වාධීන කොමිෂන් සභාවන්ගේ (අධිකරණ සේවා කොමිෂන් සභාව හැර) සාමාජිකයන් අලුතින් පත් කල යුතුය.

5). ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් භාර නොදිය යුතුය.

6). හැකි ඉක්මනින්, උපරිම වශයෙන් මාස 15ක් ඇතුලත, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර, පාර්ලි‌‌මේන්තුවට වග කියන අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් කේන්ද්‍ර කරගත් ක්‍රමයක් ස්ථාපිත කළ යුතුය.

 7). අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත අන්තර්කාලීන ජාතික සමගි ආණ්ඩුවක් වහා පිහිට විය යුතුය. පිළිගත් දේශපාලන පක්ෂ අතර මැදුම් සම්මුතියක් ගොඩ නැගිය හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගත යුතුය. එවන් පුද්ගලයෙකු පාර්ලි‌‌මේන්තුව තුල නොමැති නම් ජාතික ලැයිස්තුව මගින් පත්කරන ලද මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලා අස්වීම හරහා පරිබාහිර අයෙකු පත් කර ගත යුතුය.

8). අදාළ නිර්දේශපාලනික වෘත්තීයවේදී, වාණිජ සහ සිවිල් සංවිධාන මගින් ඒ ඒ අමාත්‍යාංශවලට අනුරූප වන 15 දෙනෙකු ගෙන් සමන්විත ස්වාධීන උපදේශක මණ්ඩලයක් පත් කර ගත යුතුය. සියලු තීන්දු තීරණ පාරදෘශ්‍යව ඔවුන්ගේ සහභාගිත්වයෙන් ගත යුතුය.

9). දේශපාලන පලිගැනීම් සම්බන්ධව පත් කල විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අහෝසි කර, ඊට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මත පදනම්ව ක්‍රියා කිරීමෙන් වැළකිය යුතුය.

10). අසරණතම ජන කොටස් කෙරේ විශේෂ අවධානයක් යොමු කරමින් රට ගොඩ ගැනීමේ අවම පොදු වැඩ පිළිවෙලක් ඉහත සඳහන් උපදේශක මණ්ඩලය සහ කැබිනට් මණ්ඩලය ආරම්භයේදීම අනුමත කර ගෙන ක්‍රියාත්මක කල යුතුය. එහි ඇතුලත් කල යුතු උපාංග 12ක් උදාහරණ වශයෙන් සඳහන් කර ඇත.

මෙහි ප්‍රමුඛතම වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට කරන කටයුතු විධිමත්ව කරගෙන යෑම සහ අන්තර්කාලීන මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම තුලින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා පවත්වාගෙන යෑමයි. දූෂණයට සහ රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහි නෛතික ක්‍රමවේදයන්ද මෙහි අඩංගු වේ. වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නෛතික වෙනස්කම්ද ඇතුලත් වේ. සුදුස්සන්ට ඉඩ සැලසෙන අයුරින් ජනතාවගේ නියෝජිතයන් පත් කර ගැනීමේ ක්‍රමය සකස් කර ගැනීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.

11). විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අවම පොදු වැඩ පිළිවෙලෙහි අනිවාර්ය අංගයක් විය යුතුය.

12). අවම පොදු වැඩ පිළිවෙල මත පදනම්ව අලුත් අයවැයක් සකස් කල යුතුය.

13). ජාතික සමගි ආණ්ඩුවේ ආයු කාලය මාස 18කට සීමාවේ. මාස 18 ට පසුව පාර්ලි‌‌මේන්තුව විසුරුවා හරිනු ලබන අතර, මැතිවරණය පවත්වන තෙක් සති 6ක් භාරකාර ආණ්ඩුවක් ලෙස ක්‍රියා කල හැක.


ස්වාධින මන්ත්‍රීවරුන් සහ නීතිඥ සංගමය අතර සාකච්ජාවක්


මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විණ.

 ඊට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් මතුවන ගැටළු සම්බන්ධයෙන් එහිදී සිය පාර්ශවය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පෙන්වා දුන් බවයි.



ඉදිරි කටයුතු සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග පැවැත්වෙන සාකච්ඡා ඉතා වැදගත් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සදහන් කළේය.


මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ සමගි ජනබලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද මේ වනවිට ආරම්භ වී තිබේ.



සබැඳි පුවත් :

ජනපතිගෙන් සජිත් ට දුරකථන ඇමතුමක් ! - අන්තර්වාර ආණ්ඩුවකට සජබ එකඟවෙයි !

ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට යෝජනා 11 ක් - නව අගමැතිවරයෙකු පත් කරන්න කියයි

නීතිඥ සංගමය මගින් නිර්දේශ කර ඇති දහතුන් වැදෑරුම් වැඩ පිළිවෙල

'ගෝඨාගෝගම අරගලය' යථාර්ථයක් කිරීමට අන්තරෙන් යෝජනාවලියක්




 

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15


 
 

 Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්