theleaderlk 01

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ ට විරෝධතාකරුවන් පිරිසක ගෙන් බලවත් විරෝධයක් එල්ල වී

ඇත.

ශ්‍රී මහා බෝධිය අසලදී උසුළු විසුළු වලට ලක්වූ අගමැතිවරයා, අනතුරු රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අනුරාධපුර නගරයේ අඛණ්ඩව විරෝධතාවයක නිරතව සිටින පිරිසක් රුවන්වැලි සෑය අභියසදී විරෝධයක් දක්වා ඇත.

අනතුරුව මිරිසවැටියට ගිය මහින්ද රාජපක්ෂ ට යළි විරොධයක් එල්ල වි ඇති අතර එම අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර යවා ඇත.

” බුදු අප්පච්චි වදින්නනම් දෙයියනේ කියලා හෙට සුබ මොහොතින් ඔබතුමා තිරණයක් අරගෙන රට බේරලා දෙන්න බුදු අප්පච්චි. ඔබගෙන් ඉල්ලන්නේ එච්චරයි. රට බේරලා දෙන්න. ඔබගෙන් සුබ පණිවිඩයක් බලාපොරොත්තු වෙනවා අපි හෙට උදේට. ඔබතුමා කරා තමයි දැන් හොඳටම ඇති” විරෝධතාකරුවන් එසේ පවසන අකාරය වීඩියෝ කැමරා වල සටහන්වී තිබේ.



 

 Leader Whats app

 

 

 

 
 

නවතම පුවත්