අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට දිනයේ (09 සඳුදා)

ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇති බව අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

 
ඊයේ පෙරවරුවේ අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය සහ රුවන්මැලිසෑය වැද පුදාගෙන කොළඹ පැමිණි අගමැතිවරයා, සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් කල නමුත් එය ජනාධිපති කාර්යාලයට යොමු නොකළ බවද එම නිලධාරියා කියා සිටියේය.

මැයි 09 වන සඳුදා දිනයේදී අරලිය ගහ මැදුරට පැමිණීමට නියමිත පාක්ෂිකයන් හමුවේ එම ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත යොමුකිරීමට නියමිතය.

සඳුදා උදැසන 09 වනවිට විසි දහසක ජනකායක් අරලියගහ මන්දිරය වෙත කැඳවා අගමැති ධුරයෙන් ඉවත්නොවන ලෙස අගමැතිවරයාට බලපෑම් කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා සෑම පළාත්පාලන බල ප්‍රදේශයකින්ම අවම වශයෙන් පුද්ගලයින් 50 බැගින් ගෙන්වා ගැනීමට බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ කටයුතු යොදා ඇති තිබේ.



මිට අමතරව කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් මිනිසුන් 5000ක් රැගෙන ඒමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු එකඟව ඇති අතර තවත් 5000ක ජනතාවක් කළුතරින් සහභාගී කරවීමට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පොරොන්දු වී ඇත.

මේ අතර නාමල් රාජපක්ෂ විසින් මීට පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පැරණි වීඩියෝවක් පළ කොට තිබේ.

එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කළ කතාවකි.
 
එහි අගමැතිවරයා පවසන්නේ ‘මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි’ යැයි කියාය.

 

 

 


 

 Leader Whats app

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්