ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ලංකාවේ ජනතාවගේ විරෝධය මැද මෙරට දේශපාලන නායකයන් සියළු වරප්‍රසාද බුක්ති විදිමින් තවදුරටත් බලයේ රැඳී

සිටිද්දී ජනතාවට සහන සැලසීමට තමිල්නාඩු මන්ත්‍රීවරු මසක වැටුප පරිත්‍යාග කර තිබේ.

තමිල්නාඩු මහ ඇමැතිවරයාගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භ කර ඇති සහන අරමුදලට ඔහු නියෝජනය කරන ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) පක්ෂය ඉන්දීය රුපියල් කෝටියක්ද පරිත්‍යාග කර තිබේ.

''ලංකාවේ ආර්ථික අර්බුදය නිසා අත්‍යවශය බඩු වල මිල ඉහල ගිහින්. ජනතාව ඉන්නේ බරපතල පීඩාවක. ඔවුන්ට ඒවා මිලදී ගන්න ශක්තියක් නැහැ, බඩු හිඟයි. අපි මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා හිටියා ඔවුන්ට උදව් කරන්න අවස්ථාව දෙන්න කියලා. ඊට අනුමැතිය ලැබිලා තියෙනවා,'' යැයි තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් පවසයි.

තුත්තුකුඩියේ යාචකයකු ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ධන පරිත්‍යාගයක් කරනු ඉකුත්දා සමාජ මාධ්‍යවල අවධානය දිනාගෙන තිබුණි.

rgd0wqmdd6s81

තමිල්නාඩු ප්‍රාන්ත සභාව නියෝජනය කරන ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් [DMK] මන්ත්‍රීවරුන් සිය මාසික වැටුප ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ලංකාවේ ජනතාවට සහන සැලසීමට පරිත්‍යාග කළාක් මෙන් මේ සඳහා සහයෝගය ලබා දෙන ලෙස තමිල්නාඩු ජනතාවගෙන් මහ ඇමැතිවරයා ඉල්ලයි.

ලංකාවේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තම පෞද්ගලික මුදලින් ඉන්දියානු රුපියල් ලක්ෂ 50 ක් ලබා දීමට අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් [ADMK] නායක, තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති පන්නීර් සෙල්වම් ඉකුත් සතියේදී පියවර ගෙන තිබිණි.

සහල්, පරිප්පු, සීනී සහ පිටි වැනි අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ද්‍රව්‍ය තොග තමිල්නාඩුවේ සිට නැව් මගින් නොබෝ දිනකින් ලංකාවට යවන බව මහ ඇමැති ස්ටාලින් ඉන්දීය මාධ්‍ය වෙත පවසයි.

tailnadu

මේ අතර පීඩාවට පත් ලංකාවේ ජනතාවට සහන සැලසීමට ගත් මේ පියවරත් සමගින් තමිල්නාඩුව හා සම්බන්ධතා තවත් ශක්තිමත් කරන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවසීය.

''ඉන්දීය සම්භවයක් සහිත කඳුකර දෙමළ ජනයා මෙරටට රැගෙන විත් දැනට අවුරුදු 200 ක් වෙනවා.ඒ වෙනුවෙන් අපි සංවිධානය කරන උත්සවයට තමිල්නාඩු මහ ඇමැතිට ඇරයුම් කරනවා''.


පෙඩරල්


ඉහල යන ජිවන වියදම හමුවේ පීඩාවට පත් දෙමළ ජනයාට සහන සැලසීමට ඉදිරිපත් වන අයුරින්ම පෙඩරල් පාලන ක්‍රමයක් ලබා දීමට තමිල්නාඩුව ලංකා ආණ්ඩුවට බලපෑම් කළ යුතු බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඉල්ලා සිටියේ දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු සභාව අමතමින්.

''ආර්ථික වශයෙන් ලංකාවට උදව් කරන්න හදන තමිල්නාඩු මහ ඇමැති ලංකාවේ ඒකීය රාජ්‍ය අත්හැර දෙමළ දේශය පිළිගන්න ඕනෑ. දෙමළ ජනයාට පෙඩරල් විසදුමක් ලබා ගන්න උදව් කරන්න ඕනෑ.''

ලංකාවේ දෙමළ ජනතාවට ආධාර දීමට තමිල්නාඩු රජය ඉදිරිපත් වූ අවස්ථාවේ දිවයිනේ දෙමළ දේශපාලකයන් ඉල්ලා සිටියේ සියලු රටවැස්සන්ට එම සහනය සලසන ලෙසයි. 


 Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්