69 ලක්‍ෂයක ජනතාවගේ අභිලාශය පාවා දෙන්නට කිසිවකුට අයිතියක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අවධාරණය කර සිටියි.


පොදුජන යහපත වෙනුවෙන් තීරණයක් ගන්නවා නම් ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම් බවත් හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹිය හැකි බව කී අගමැතිවරයා, දේශපාලන අභිලාශයන් වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නැතැයි ද ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ තමාට සහය පළ කරමින් අරලියගහ මන්දිරයට අද (9) පැමිණි ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

දෙකඩවීමට ගිය මාතෘභූමිය රැකදෙන්නට ලැබීම තම දේශපාලන ජීවිතයේ හොඳම සිහිවටනය බව ද අග්‍රාමාත්‍යවරයා කීවේය.

අභියෝග හමුවේ පලායාමේ සිරිතක් තමන්ට නැතැයි කී මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා, තමන් දේශපාලනයට ගෙනආවේ ජනතාව තැබූ විශ්වාසය බවත්, ජනතාවත් සමඟ එක් තීරණයකට පැමිණීමට තමන් සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු එබව කියා සිටියේ, ඔහුට අගමැති ධුරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලා සිටි පාක්ෂිකයින්ගේ ඔල්වරසන් මධ්‍යයේය.

කෙසේ වෙතත් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවක් ඔහු එහිදී ප්‍රකාශ නොකළේය.



''අගමැති ඉල්ලා අස්වුණොත් දේශපාලන අර්බුදයක් ඇති වෙනවා'' – ජොන්ස්ටන්


අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් දේශපාලන අර්බුදයක් ඇති වන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ඒ , අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි, බල කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස අමතමිනි.

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි, බල කරමින් අද උදෑසන පාක්ෂිකයින් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපසට රැස්ව විරෝධතාවේ නිරත වූ අතර පසුව පිරිස අරලියගහ මන්දිරයට තුළට පැමිණියේ ය.



 Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්