අගමැති මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලය වෙත යොමුකළ බව අගමැති කාර්යාලයේ

ප්‍රකාශකයකු පැවසිය.

කෙසේවුවද ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාරගතහොත් විපක්ෂයට යාමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු පක්ෂය තීරණය කර ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයකට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පවසයි. ඔහු එබව පැවසුවේ තමාට සහය පළ කරමින් අරලියගහ මන්දිරයට අද (9) පැමිණි ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපතිවරයාට බාධාවකින් තොරව තීන්දුවකට එළඹිය හැකි බව කී අගමැතිවරයා,  69 ලක්‍ෂයක ජනතාවගේ අභිලාශය පාවා දෙන්නට කාටවත් අයිතියක් නැතැයි ද සඳහන් කළේය.

දේශපාලන අභිලාශයන් වෙනුවෙන් රට අරාජික කිරීමට තමාට අවශ්‍යතාවයක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

 
 

Leader Whats app

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්