සාමකාමි විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ මැර ප්‍රහාරය හෙළා දකින බවත්, ප්‍රචණ්ඩත්වයට තම අනුගාමිකයන් යොමු කළ නායකයන් එහි වගකීම

භාරගත යුතු බවත් හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.

ගාලු මෝදර හා අරලියගහ මන්දිරය ආසන්නයෙහි සාමකාමී ලෙස විරෝධය පළකරමින් සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් ඉතාමත්ම සැලසුම් සහගත ආකාරයට සංවිධානාත්මක ලෙස එල්ල කළ මැර ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලංකාවම අවමානය පත්කරන ම්ලේච්ඡ හා නින්දිත ක්‍රියාදාමයක් බවද ඔහු කියා සිටියි.

හිටපු කතානායකවරයා එබව සඳහන් කර ඇත්තේ, අගමැති මහින්ද රාජපක්ෂට සහය පලකිරීමට පැමිණි පිරිස් විසින් අරගල භුමියේ විරෝධතාකරුවන් වෙත එල්ල කළ අමානුෂික ප්‍රහාරය සම්බන්ධයෙන් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

යුක්තිය හා සාධාරණත්වය පදනම් කරගෙන ක්‍රියාකරන සිවිල් සමාජ සංවිධානයක් ලෙස තම සංවිධානය මෙම ක්‍රියාව ඉතාමත්ම පිළිකුලෙන් යුතුව තරයේම හෙළා දකින්න බවද හෙතෙම කියා සිටියි.

එමෙන්ම මෙවැනි අමානුෂික හා ම්ලේච්ඡ ක්‍රියාවලියකට තම බලවේග යොමු කරන ලද සියලුම නායකයන් එහි වගකීම භාරගත යුතුව ඇති අතර ප්‍රචණ්ඩත්වය මුදාහළ සියල්ලන් හට අකුරටම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද හිටපු කතානායකවරයා අවධාරණය කර සිටියි.

 

වහාම එකගත්වයට පැමිණිය යුතුයි - හිටපු කතානායක

''මෙම සිදුවීම මගින් පැහැදිලිවම ප්‍රදර්ශනය කර ඇත්තේ ජනතා හඬට ඇහුම්කන් නොදෙමින් බලය සඳහා පමණක් ක්‍රියාකරන පාර්ශ්වයක නග්න ප්‍රචණ්ඩත්වය යි. මර්දනය හා භීෂණය මුදාහරිමින් ක්‍රියාකරන නග්න ඒකාධිපතිත්වයයි. මර්දනය හා ප්‍රචණ්ඩත්වය තුළ ජනතා මතය පාගා දැමීමට ක්‍රියාකරන ජනපීඩක මානසිකත්වයයි. '' - කරු ජයසුරිය

 

එවැනි ආකල්පයන්ගෙන් ක්‍රියාකළ ලෝකයේ සෑම දුර්දාන්ත නායකයකුටම අත්වූ ශෝචනීය ඉරණම සැලකීමේදී එවැනි නායකයන්ට හා බලවේගයන්ට දීර්ඝකාලීන පැවැත්මක් නොමැති බව ප්‍රත්‍යක්ෂ වන නමුත් එවැනි උත්සාහයන් හේතුවෙන් අවසානයේ වන්දි ගෙවා ඇත්තේ ඔවුන් නියෝජනය කරන රටවල් හා එම රටවල වාසය කරන අහිංසක ජනතාව බවද හිටපු කතානායකවරයා කියා සිටියි.

 එය අප රට තුළ ප්‍රචණ්ඩත්වය මෙහෙයවන නායකයන් මෙන්ම සාමාන්‍ය පොදු ජනතාවද මැනවින් අවබෝධ කර ගත යුතුව ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

විශේෂයෙන්ම පසුගිය දශක ගණනාව තුළ ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන් හේතුවෙන් දසලක්ෂ ගණනාවක ජනතාවකගේ ලේ-මස්  හා ජීවිත බිලිදී ඇති රටක යළි එවැනි ප්‍රචණ්ඩත්වයක් වෙත යම් බලවේගයක් හෝ නායකයෙක් අත වනන්නේ නම් එය සැලකිය හැක්කේ සමස්ත ජාතියේම ඛේදවාචකයක් ලෙසට බව කරු ජයසුරිය කියා සිටියි.

''එබැවින් අප මේ මොහොතේ සමස්ත රටවැසි සාමකාමි ජනතාවගෙන් ඉතාමත්ම බැගෑපත්ව ආයාචනා කරන්නේ අපගේ මාතෘභූමිය යළි එවැනි ඛේදවාචකයන්හි ගොදුරක් වනු වැළැක්වීම සඳහා පෙරට එන ලෙසය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම සිවිල් හා දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාවගේ නිදහස අයිතිවාසිකම් මෙන්ම රටේ සාමය සුරක්ෂිත කරනු පිණිස නොපමාව ක්‍රියාකරන ලෙසය.'' කරු ජයසුරියගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්