දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන්නන් හා සහභාගීවන්නන් විසින් සිදු කරන ප්රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව ජනාධිපති ගෝඨාභය
රාජපක්ෂ පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ඔහු කියා සිටියේ ප්රචණ්ඩත්වය වර්තමාන ගැටලුවලට විසදුම නොවන බවයි.
සංසුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම අර්බුධය විසඳීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස ද තමා ඉල්ලා සිටින බවයි.
''මුළු ආණ්ඩුවම ඉවත් විය යුතුයි'' - රනිල්
අද රටේ නිතිය සාමයක් නොමැති බවත්, අගමැති පමණක් නොව වහාම මුළු ආණ්ඩුවම ඉවත් විය යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු එබව කියා සිටියේ, මහින්ද රාජපක්ෂගේ මැරයින් පිරිසක් විසින් ජන අරගල භුමියේ සාමකාමී විරෝධතාවයක දී සිටි විරෝධතා කරුවන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජ මාධ්‍ය වෙත හඬපටයක් මුදා හරිමිනි.
හිටපු අගමැතිවරයා තවදුරටත් මෙසේද සඳහන් කරයි.
''සාමකාමිව තිබු ගෝඨාගෝගමට අද මැරවර ප්‍රහාරයක් ලැබුනා අපි ඒ මැරවර ක්‍රියා සම්පුර්ණයෙන්ම හෙළා දකිනවා.
අපට යුතුකමක් තිබුණ ගෝඨාගෝගම ආරක්ෂා කරන්න. තරුණ පිරිසත් ප්‍රජාතන්ත්‍රවාදිව තමන්ගේ විරෝධය ප්‍රකාශ කලා. එක අපි හැම එක්කෙනාම පිළිගන්න ඕනේ. අපි සියලු දෙනාමත් එකට දුන්න ප්‍රතිචාරය මදි. ඒ වෙනස ගෙනියන්න උවමනා උනා. අපි ඇත්ත වශයෙන්ම එක සීග්‍ර වුනේ නැහැ. ඒ වැරැද්ද අපි පිළිගන්න ඕනේ.
අද රටේ නිතිය සාමය නැහැ. අගමැතිතුමා පමණක් නෙවෙයි මුළු ආණ්ඩුවම ඉවත් වෙන්න ඕනේ කියලා මම මෙතැනදී ප්‍රකාශ කරනවා.
එත් ආණ්ඩුවක් ඉවත් වෙලා මදි.ඒ ගැටුම් යනවනම් අපිට තියන ආර්ථික පීඩනය වැඩි වෙනවා.
මේ ගැටුම් ඉදිරියට ගෙනිච්චොත් අපි අතර ගහ ගන්න ගියොත් අපේ තියන එකමුතු කම අපි නැති කරගත්තොත් ඒ හානිය එන්නේ අපිට වැරදි කරපු හැම එක්කෙනාටම අපි දඩුවම් දෙන්න ඕනේ.
එත් එක්කම මම අපේ දේශපාලනයේ යෙදෙන හැම එක්කෙනාටම කියනවා අපිට පරණ විදිහට දේශපාලනය කරන්න බැහැ. ආණ්ඩුව විපක්ෂය පක්ෂ භේද පැත්තකට දාන්න ඕනේ. අපි මුණ දෙන මේ අවස්ථාවේදී අපිට ශක්තිය තියෙන්න ඕනේ.
වෙනස් වෙන්න පක්ෂ භේදයට බර වෙන්නේ නැති පක්ෂ භේදය නැති කුඩා ආණ්ඩුවක් තියන්න ඕනේ. මුළු පාර්ලිමේන්තුවම ඒ වගේම මුදල් බලයක් අරගෙන ඒ වගේම අධීක්ෂණ බලය අරගෙන කැබිනට් මණ්ඩලය සමඟ එකට වැඩ කරන්න උවමනයි.
''පාර්ලිමේන්තුව වහලා දාන එක හොඳයි''
පාර්ලිමේන්තුවේ අපි කවුරුවත් කෙටි පටු දේශපාලනයට යනවනම්. මම හිතන්නේ ඊට වඩා හොඳයි පාර්ලිමේන්තුව වහලා දාන එක. අපි මේ ගමන යමු ඒ එක්කම අපේ යුතුකමක් තියනවා. මේ තරුණ අයට ඒ කොමිටි ඒ ආයතන වල නියෝජනයක් දෙන්න. ඒ හඬ නියෝජනය කරන්න තියනවා. අපිට එකෙන් ඈත් වෙන්න බැහැ. මතක තියාගන්න අපි මේ ගමන යන්න උවමනයි. මේ ගමනෙන් අපිට මේ රට බේර ගන්න පුළුවන්.
'මේක මදාවිවාදයක්' -ඩලස්
අද දින සාමකාමී විරෝධතාකරුවන් වෙත සිදු කරන ලද ප්රචණ්ඩත්වය තරයේ හෙළා දකින බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
එය ප්රකාශනයේ සහ සාමකාමීව රැස්වීමේ නිදහස ක්‍රියාත්මක කිරීමේ ප්රජාතන්ත්රවාදී අයිතිය අසාධාරණ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් මෙම නිවට ක්‍රියාවට වගකිව යුතු අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් ඔහු කියා සිටියි.