කොළඹ, ගාලු මුවදොර පිහිටි "ගෝඨා ගෝ ගම" සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි

"මයිනා ගෝ ගම" සාමකාමී අරගල භූමියට අද එල්ලවූ ප්‍රහාරයෙන් පසුව මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක කළහකාරී සිදුවීම් වාර්තා වෙමින් තිබේ.


පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.  

 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහය පළකරමින් අද (09) දිනයේදී අරලියගහ මන්දිරයට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අරලියගහ ඉදිරිපිට තිබූ 'මයිනාගෝගමේ'ත්, ගාලුමුවදොර පිහිටි 'ගෝටාගෝගමේ'ත් රැස්ව සිටි සාමකාමී අරගලකරුවන්ට පහර දී, අදාළ ස්ථානයන්හි පිහිටුවා තිබූ කූඩාරම් ආදිය ගිනි තබා විනාශ කළහ.

අනතුරුව ඔවුන් නැවත සිය ගම්බිම් බලා යමින් සිටියදී දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ඔවුන් රැගත් බස් රථ වලට පහරදීම් වලට ලක්ව තිබේ.



දේශපාලනඥයින් රැසකගේ නිවෙස් සහ වාහනවලට ප්‍රහාර

fgdfgr

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයට විරෝධතාකරුවන් විසින් පහරදී ගිනි තබා ඇත.
 
කුරුණෑගල නරාධිපති තුෂාර සංජීව ගේ නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයට උරණ වූ කුරුණෑගල ජනතාව එක්ව මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ප්‍රහාරයෙන් නගරාධිපතිවරයාගේ නිවසට දැඩි අලාභ හානි සිදුවී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ කුරුණෑගල ශික්ෂණ රෝහල, රාජ්‍ය බැංකු, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් සභාව ආදී ආයතනවල කාර්ය මණ්ඩලවල 4,000ට අධික සංඛ්‍යාවක් අද (මැයි 9) පසවරුවේ කුරුණෑගල ‘ගෝඨාගෝගම’ අරගල භූමියට වෙත පැමිණ සිටි බව ය.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නිවසට ගිනි තබා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි නිවසට මෙලෙස ගිනි තබා ඇති බව ය.

fgdfgt

මේ අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන උදේනි අතුකෝරල ගේ නිවසට ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා තිබේ. ඉන් ඔහුගේ නිවසට ද දැඩි ආලභ හානි වී ඇත.

මේ අතර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් පහරදී ගිනි තබා ඇත.

මේ වන විට දිවයිනේ නගර රැසකදී දේශපාලනඥයින් ගමන් ගත් මෝටර් රථවලට ජනතාව විසින් හානි කරනු ලැබ තිබේ.

නිට්ටඹුව, කඩවත, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලදී බස්වලට සහ සුඛෝපභෝගී මෝටර් රථවලට පහදී හානි සිදු කර ඇතැයි අප වර්තාකරුවෝ පැවසූහ.



මැරයින් බේරේ වැවට දමයි !

ගාලුමුවදොර අරගල භූමියට කඩා වැදී එහි සාමකාමී විරෝධතාකරුවන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ මැරයින්ට  සිද්ධියෙන් පසු සාමාන්‍ය මිනිසුන් එලව එලවා පහර දුන්නේය.

 සාමකාමී අරගලකරුවන්ට පහර දීම සඳහා පැමිණ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගමගේට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවිය.

එහිදී අරගලයේ නිරත පිරිස් මහින්ද කහඳගම අල්ලාගෙන ඔහුගේ ඇඳුම් ඉවත් කර යට ඇඳුම පමණක් ඉතිරි කළහ.

අද පෙරවරුවේ මහින්ද කහඳගම අරලිය ගහ මන්දිරයට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූ පොහොට්ටු ආධාරකරුවන් සමග සිටියේ ය.

wsew

අරගල කරුවන්ට පහරදීමට පැමිණි ඇතැම් මැරයින්ට පහරදී බේරේ  වැවට දමා ඇති අතර ඔවුන් රැගෙන ආ බස්රථ වලටද සාමාන්‍ය මිනිසුන් පහර දුන්හ.

සාමකාමි විරෝධතාකරුවන්ට එල්ල වූ ම්ලේච්ඡ මැර ප්‍රහාරයට තම අනුගාමිකයන් යොමු කළ නායකයන් කිහිප දෙනෙකුගේ සුපිරි වාහන කිහිපයක් ද
කෝපයට පත් ඇතැම් තරුණයින් විසින් බේරේ වැවට තල්ලු කර තිබේ.

{gallery}Aragalaya{/gallery}

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්