ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් දිගින් දිගටම එල්ල කරන බලපෑම් හමුවේ

පීඩාවට  පත් උතුරේ සිවිල් සංවිධාන ක්‍රියාධරයෙක් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක්  ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය ප්‍රාදේශිය කාර්යලය වෙත මැයි 5 වැනි බ්‍රහස්පතින්දා පැමිනිල්ලක් යොමු කරමින් දේශපාලන සිරකරුවකු ව සිට නිදහස ලබා සිටින , “හඬක් නොමැතියවුන්ගේ හඬ” සංවිධානයේ කැදවුම්කරු මුරුගයියා කෝමගන් දැනුම් දී ඇත්තේ දිගින් දිගටම ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට  (CTID) කැදවීම හරහා තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති බවට බියක් පවතින බවයි.

තම පැමිනිල්ල බාරගත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය ප්‍රාදේශිය කාර්යලය ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානියාගෙන් ලිඛිතවම කරුණු විමසන බවට පොරොන්දු වු බව මුරුගයියා කෝමගන් උතුරේ මාධ්‍යවේදීන් සමග පවසා තිබේ.

2016 වසරේ සිට පසුගිය අප්‍රේල් 30 වැනිදා දක්වා ගත වු කාලය තුළ අවස්ථා ගණනාවකදීම තමන් CTID වෙත කැදවා ප්‍රකාශ ලබාගෙන ඇති බව පවසන  මුරුගයියා කෝමගන් සඳහන් කරන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වෙනුවෙන් තමන් කරන්නේ සාමකාමී අරගලයක් බවයි.

දකුණේ  අරගලකරුවන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉතා පහත් මට්ටමේ අපහාස සිදු කරමින් විරෝධතා දියත් කළද ඔවුන් අත්අඩංගුවට නොගන්නා ආරක්ෂක අංශ උතුරු හා නැ‌ගෙනහිර ජනතාවට වෙනම නීතියක් ක්‍රියාත්මක කරන බවටත් ඔහු චෝදනා කරයි.

 


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ 2010 වසරේදී අත්අඩංගුවට ගත් මුරුගයියා කෝමගන් වසර හයකට පසු 2016 වසරේ පෙබරවාරි 26වැනිදා නිදහස් කර තිබුනි.

නිදහස් ලැබීමෙන් පසු ඔහු අවස්ථා ගණනාවකදීම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස රජයට බල කරමින් විරෝධතා  දියත්කර තිබේ. 

 


Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්