පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි, තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.



කථානායකවරයා සදහන් කළේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කළ යුතු බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු ද තෝරා පත් කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කථානායකවරයා සදහන් කරයි.

කතානායකවරයා පවසන්නේ, වර්තමානයේ රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට (11) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයකට එළැඹෙන බවයි.

ඒ අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  හෙට (11) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.


රජයේ ප්‍රබලයන්ගේ නිවාසවලට හානි


ඊයේ දිනයේ දී රජයේ හිටපු ප්‍රබල අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, නගරාධිපති වරුන් ඇතුළු පළාත් පාලන ආයතවල නියෝජිතයින් විශාල පිරිසකගේ නිවාසටවලට ඇතුළු දේපල රැසකට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබා ඇත.

අගමැතිවරයාගේ කාල්ටන් නිවස, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය නිමල් ලන්සා, හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය කනක හේරත් සහ ඔහුගේ පියා උතුරු මැද පළාත් මහ ඇමැති මහීපාල හේරත්, හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ, හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත, මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු තවත් අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස රැසකට ගල් ප්‍රහාර හා ගිනි තැබීම් වාර්තා වෙයි.

ඊයේ (09) රට පුරා මෙම කලහකාරී තත්ත්වයට මුලික වුයේ අගමැති නිල නිවස වන අරලිය ගහ මන්දිරයට පැමිණි අගමැති මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් පිරිසක් පොලු මුගුරු රැගෙන, අරලියගහ මන්දිරය අසල මයිනාගෝගම විරෝධතාකරුවන්ට හා ගාලු මුවදොර ගෝඨාගෝගම විරෝධාකරුවන්ට පහර දී, ඔවුන් ඉදිකරන ලද විරෝධතා අට්ටාල කඩා බිඳ දැමීමත් සමග යි.

ඔවුන් ගෝඨාගෝගම පුස්තකාලයට, සෞඛ්‍ය මධ්‍යස්ථානයට හා එහි ඉදිකර තිබූ අනෙකුත් කූඩාරම්වලට හානි කළේය.

roel

පසුව පැමිණි පොලීසිය පිරිස විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. එහෙත් විරෝධතා කරුවන් චෝදනා කරන්නේ පොලිසිය රජයේ විරෝධතාකරුවන් නැවැත්වීමට ප්‍රමාණවත් බලයක් නොයෙදූ බවත් කඳුළු ගෑස් සාමකාවිව අරගලයේ යෙදී සිටින ජනතාව වෙතට එල්ල කල බවටත් ය.



(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)



 279380076 3123937424534336 6771396903641128647 n

 124647371 crowds gettyimages 1240557668

280486451 3123847964543282 4017076562613532493 n

 

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image