1200 x 80 DMirror

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට කෝටි ගණනක මානුෂීය ආධාර ලබාදීමේදී දෙමළ ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ දී සිටින ගැටළු

වලට විසදුම් ලබාදෙන්නැයි ලක් රජයට බලපෑම් කරන්නට අවස්ථාවක් කරගන්නා ලෙස එරට බහුජන සංවිධානයක් තමිල්නාඩු මහඇමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

''මේ ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට අරන් දෙමළ ජනතාවගේ ස්වෛරීත්වයේ අයිතිය තහවුරු කරන්න තමිල්නාඩු රජය කටයුතු කරන්න ඔන. ඒක තමයි අපේ බලාපොරොත්තුව ''  මැයි 4 වැනිදා තමිල්නාඩු මහ ඇමැති එම් කේ ස්ටාලින් වෙත ලිපියක් යොමු කරමින් මැයි 17 ව්‍යාපාරය ඉල්ලා ඇත.

උතුරේ යුද්ධය නිමා වී ගත වු වසර 13 ක කාලය ඇතුළත ශ්‍රී ලංකාවේ රජය රුපියල් කෝටි එක්ලක්ෂ අසු පන් දහසක් හමුදාව වෙනුවෙන් වියදම් කර ඇති බව පෙන්වා දෙන එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ, යුද්ධයක් නොමැති අවස්ථාවක මෙතරම් මුදලක් හමුදාව වෙනුවෙන් වියදම් කර තිබීම ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් බවයි.

 

හමුදා වියදම් කප්පාදුවකින් තොරව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගත නොහැකි බව ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන ලෙසත් මැයි 17 ව්‍යාපාරය තමිල්නාඩු  මහ ඇමැති එම් කේ ස්ටාලින්ගෙන් ඉල්ලා තිබේ.

 

දෙමළ ජනතාවගේ ස්වෛරීත්වයේ අයිතිය තහවුරු කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, දෙමළ ප්‍රදේශ වලින් හමුදාව ඉවත් කිරීම, සහ අතුරුදහන් වුවන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස මහ ඇමැති එම් කේ ස්ටාලින් ලක් රජයට බලපෑම් කළ යුතු බවට ඉල්ලා සිටින මැයි 17 ව්‍යාපාරය තව දුරටත් අවධාරණය කර ඇත්තේ උතුරේ යුද්ධයේදී සිදුවු සමුල ඝාතන, යුද අපරාධ මෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණයක් සම්බන්ධයෙන්ද ලක් රජය සමග සාකච්ඡා කිරීමට මෙය අවස්ථාවක් කර ගත  යුතු බවයි.

මෙම ඓතිහාසික අවස්ථාව හරියාකාරව භාවිත කළහොත් ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමේ අවස්ථාව උදා කර දීමට තමිල්නාඩු රජයට හැකියාව ලැබෙන බව මැයි 17 ව්‍යාපාරය වැඩි දුරටත් පෙන්වා දී ඇත.

aj 1aj 2
aj 3

තමිල්නාඩුවෙන් මානුෂිය ආධාර


ආර්ථික අර්බුදයේ ගිලි සිටින ශ්‍රී ලංකාවට කෝටි ගණනක මානුෂීය ආධාර ලබා දීම සදහා තමිල්නාඩු මහ ඇමැතිවරයා කළ යෝජනාව පසුගිය මස 29 වැනිදා  තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී ඒකමතිකව සම්මත සම්මත වී තිබුනි.

තමිල්නාඩු රජයට අවසර ලබා දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් සදහන් කරතිබුනේ, ඉන්දියාව දැනටමත් ශ්‍රී ලංකාවට ලබා දෙමින් සිටින සහාය තමිල්නාඩු ආධාර හේතුවෙන් තවත් ශක්තිමත් වනු ඇති බවයි.

''තමිල්නාඩු මහ ලේකම් ඉන්දීය මධ්‍යම රජය සමග සම්බන්ධීකරණයෙන් මානුෂීය ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා දිය හැකි අතර එය සුදුසු ආකාරයෙන් ශ්‍රී ලංකා රජය අවශ්‍ය ජනතාවට බෙදා දෙනු ඇති'' යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය තමිල්නාඩු ප්‍රාන්ත සභාව වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර තිබුනි.

තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට ලබා දීමට බලාපොරොත්තු වන මානුෂීය ආධාර තොගයට ඉන්දියානු රුපියල් කෝටි 80 ක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 40,000 ක්, ඉන්දියානු රුපියල් කෝටි 28 ක් වටිනා, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 137 ක් සහ ඉන්දියානු රුපියල් කෝටි 15 ක් වටිනා ළමයින්ට ලබා දෙන කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක් ඇතුළත් වේ.


සබැඳි පුවත්:


ලංකාවට පරිප්පු බෙදීමට තමිල්නාඩුව මන්ත්‍රී වැටුප දෙයි


 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය