1200 x 80 DMirror

බස්නාහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රාජපක්ෂට කොළඹ, පෙරහැර මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ

පහරදීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

එම ප්‍රහාරයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

යුද හමුදාව වහාම ක්‍රියාත්මක වී අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන පොලිස් රෝහලට ඇතුළත් කර ඇත.


280194426 544015163826595 4133273530271858069 n


දේශබන්දුට පොලීසිය තුළින්ම විරෝධයක් !


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රාජපක්ෂ මැරයින්ට ආරක්ෂාව සපයා දීම සම්බන්ධයෙන් පොලීසිය තුළින්ම බලවත් විරෝධයක් එල්ල වී තිබේ.

සනත් නිශාන්ත මෙහෙය වූ රාජපක්ෂ මැරයන් ගෝල්ෆේස් පිටියට ආසන්න වන අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් සනත් නිශාන්ත සමග සාකච්ඡා කර තිබේ. ඉන් අනතරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලීලාරත්නට නියෝග කර ඇත්තේ මෙම මැරයන්ට නිදහසේ ගෝල්ෆේස් පිටියට ඇතුළුවීමට ඉඩ දෙන ලෙසය.

මේ අනුව රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව පොසිල් නිලධාරීන් පෙන්වා දී තිබේ. මෙම සිදුවීමට අදාලව සියලු තොරතුරු මේ වනවිට පොලීසිය තුළින්ම මාධ්‍යට ලබා දී ඇත.



PHOTO 2022 05 10 16 11 31

ඊයේ දිනයේදී කොළඹ "මයිනා ගෝ ගම" සහ "ගෝඨා ගෝ ගම" සාමකාමී අරගල භූමියට එල්ල වූ මිලේච්ජ මැර ප්‍රහාරයේ දී පොලිසිය විසින් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිඥවරුන් සහ සිවිල් සංවිධාන චෝදනා එල්ල කරනු ලැබිය.

ඒ අනුව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සිවිල් සංවිධාන පවසයි. 

 
 

Leader Whats app

 

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය