අගමැති ධුරය බාරගන්නා ලෙස ජනාධිපතිවරයා කල ආරාධනය පිළිගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එකඟත්වය පලකළ බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැයි 07දා පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දුරකතන ඇමතුමක් ලබා දෙමින් අගමැතිකම බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස විපක්ෂ නායකයා වෙත ආරාධනා කොට තිබිණ.

ඒ අනුව, අද පස්වරුවේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ ඉල්ලීම හා රටේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබේ.

එහිදී පළමුව අදහස් දක්වා ඇති හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, ජනතාවගේ ඉල්ලීමට සවන්දී මේ අවස්ථාවේදී රට මුහුණදී සිටින අභියෝගය බාර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලිකර ඇත.

'' මෙහෙම ගියොත් හෙට අනිද්දා වෙනකොට අපිටත් ගුටි කන්න වෙනවා. තත්වය එන්න එන්නම දරුණු වෙනවා. අපි දේශපාලන පක්ෂයක් විදියට මේ අභියෝගය බාර ගන්න ඕන. නැත්නම් ජනතාව අපිව ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමා අගමැතිකම බාර ගන්නම ඕන. මාස කීපෙකට පස්සේ අපිට ඡන්දයකට යන්න පුළුවන්..  ඔබතුමා අගමැතිකම බාර ගන්නේ නැත්තන් අපි අපේ පක්ෂෙන් වෙන කෙනෙක් පත්කරමු..'' හරින් ප්‍රනාන්දු පවසා ඇති අතර මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා එම අදහස අනුමත කරමින් තවදුරටත් අදහස් දක්වා තිබේ.

එහිදී අදහස් දක්වා ඇති සජබ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා, අගමැති ධුරය බාර ගැනීමෙන් පසු මුහුණදීමට සිදුවිය හැකි බාධක හා දුෂ්කරතා පිළිබඳව කරුණු පැහැදිලි කර ඇත.

'' තනතුරු බාරගත්ත වගේ නෙමෙයි.., රට මුනදිල ඉන්න ආර්ථික අර්බුදෙත් එක්ක වෙලාවට පෝර ටික දෙන්න බැරිවුනොත්, ගෑස් ටික දෙන්න බැරි වුනොත්, තෙල් ටික දෙන්න බැරි වුනොත් මාස දෙකක් යනකොට මහින්ද වෙච්චදේ අපටත් වෙනවා. ඒ ගැනත් හිතන්න. අනෙක් මම අගමැති වුනොත් ඇමතිවරුන්ට වාහන දෙන්නේ නැ .. දැනට ඔය දෙන සහන පහසුකම් සේරම කපනවා..'' යයි සඳහන් කර තිබේ.

රවී සමරවීර ද මෙහිදී අදහස් දක්වා ඇති අතර මාස  කිහිපයකින් මහ මැතිවරණයකට යාමට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදී ඇත.



එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ, තාම ජනාධිපතිවරයා හමුවී අගමැති ධුරය බාර ගැනීමට එකඟවන්නේ තමා විසින් ඉදිරිපත්කරන කොන්දේසි අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා එකඟවන්නේ නම් පමණක් බවයි.




ජනාධිපතිවරයා තමාව අගමැතිලෙස පත්කරන්නේ නම්, නිශ්චිත දින කිහිපයක් තුලදී ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී වැඩබලන ජනාධිපති ධුරය තමාට පැවරිය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත්කරන බව විපක්ෂනායකවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඒ අනුව ආණ්ඩුව බාරගැනීමට සුදානම් බවට මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරමු යයි සජබ මන්ත්‍රීවරයෙක් යෝජනා කරද්දී විපක්ෂනායකවරයා පවසා ඇත්තේ, '' ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සුදානම් නොමැතිනම් තමා අගමැති ධුරය බාර නොගන්නා බවයි.  

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුවට අනුව විපක්ෂනායකවරයා සහ නියෝජිතයින් කිහිප දෙනෙකු අද රාත්‍රී ජනාධිපතිවරයා හමුවී සාකච්ජා කිරීමට නියමිතය.


සබැඳි පුවත් :
ජනපතිගෙන් සජිත් ට දුරකථන ඇමතුමක් ! - අන්තර්වාර ආණ්ඩුවකට සජබ එකඟවෙයි !

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්