මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය කිරීමට

පැමිණි පිරිසක් විසින් දේපලවලට ගිනි තබා ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට උත්සාහ ගෙන ඇතැයි වාර්තා වේ.

මෙහිදි කඩාකප්පල්කාරී පිරිසට ප්‍රදේශයේ තරුණ කොටස් එකතු වී පහරදීමක් සිදුකර පලවා හැර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ජාතිවාදී ගැටුමක් ඇතිකිරීමට පැමිණි පිරිස විසින් කඩසාප්පු හා වාහන කිහිපයක්ද ගිනි තබා විනාශ කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

අදාළ ප්‍රදේශයේ කිසිදු ජාතිවාදී ගැටුමක් නිර්මාණය නොවූ බවත් පිටතින් පැමිණ විනාශකාරී ප්‍රචණ්ඩක්‍රියා සිදුකළ කඩාකප්පල්කාරී පිරිගේ උත්සහාය සහමුලින්ම ව්‍යර්ථ කර ඇති බවත් සමාජ මාධ්‍ය තුළ වාර්තා කර තිබේ.

 

රාජපක්ෂවරු වගේම ජාතිවාදයත් එපා!

මේ සම්බන්ධයෙන් ගෝටාගෝගම අරගල භූමියේ ක්‍රියාකාරී තරුණයෙකු අප සමග පැවසුවේ, රාජපක්ෂවරුන් බලය ලබාගැනීමට ජාතිවාදය වපුරන්න කටයුතු කළා වගේම නැවත මේ රටේ ජාතිවාදී ගැටුම් නිර්මාණය කර හෝ බලයේ සිටීමට උත්සාහ දරමින් සිටින බවත්, මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූයේ එවන් නිර්ලජ්ජිත ක්‍රියාවක් බවත්, මීගමුවේ මුස්ලිම් සහ සිංහල තරුණ පිරිස එක්ව ගැටලුව මේ වන විට යථාතත්ත්වයට පත්කර ඇති බවත් ය.

එම නිසා තවදුරටත් මේ රටේ ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කරන රාජපක්ෂවාදීන්ගෙන් ප්‍රවේශම් විය යුතුබවත්, ඉතා කල්පනාකාරීව, ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බවත්, කුමන තත්ත්වයක් යටතේවත් ජාතිවාදී ගැටුම් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවත් ඔහු අවධාරණය කර සිටියේය.

ජාතිවාදී උගුලේ හිරවෙලා නැවතත් තම තමන්ගේ දුවා දරුවන්ගේ අනාගතය විනාශය කරා ගෙන යන්න එපා යැයි ආයාචනා කරන තරුණයා පවසා සිටියේ, මේ රටේ අනාගතය පිළිබඳව සුබ සිහින දකින තරුණ පරම්පරාවේ ප්‍රාර්ථනාවක් වන ජාතිවාදයෙන් තොර, ආගම්වාදයෙන් තොර ලස්සන ශ්‍රී ලාංකේය පුරවැසියන් ලෙස අනාගතය දෙසට පියනගමු කියා හැමදෙනාගෙන්ම ඉල්ලා සිටින බවයි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්