ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් විජයන්ත පෙරේරා කැනඩාවේදී අභාවප්‍රාප්ත විය.

 

ඔහු ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරාගේ සැමියා වන අතර නර්තන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන සචිනි නිරාෂාගේ සහ ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛාගේ පියාද වේ.golden chimes 2021

විජයන්ත මහතා මිය යන විට 77 වැනි වියේ පසුවිය.

වික්ටර් විජයන්ත 90 දශකයේ නිෂ්පාදනය වූ ජනප්‍රිය චිත්‍රපට ගීත රැසක් ගායනා කර ඇති ජනප්‍රිය ගායකයෙක් වගේම ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් සුපර් ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමේ පළවෙනි තැටියට නිර්මාණය කොට ගායනා කළ "කඳ සුරිඳුනි" ගීතයට ශෙනායි වාදනයෙන් සහාය වූ ප්‍රවීණ සංගීත ශිල්පීයා ද වෙයි.

විජයන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කැනඩාවේ ඔටෝවාහිදී සිදුකිරීමට නියමිතයි.

 

සංගීත ලොව එකළු කළ සූරිය ලකුණ ! -ඇටමැස්සා (97)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්