ආණ්ඩුව බාර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර ඊයේ (10) රාත්‍රී පැවති සාකච්ජාව බිඳ වැටි ඇත.



ඒ, තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානමක් නොමැතිබව ජනාධිපතිවරයා විසින් අවධාරණය කිරීමත් සමගය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැයි 07දා පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දුරකතන ඇමතුමක් ලබා දෙමින් අගමැතිකම බාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආරාධනා කොට තිබිණ.

ඒ අනුව, ඊයේ පස්වරුවේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ ඉල්ලීම හා රටේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස අගමැති ධුරය බාරගත යුතු බවටත්, සජබ මුලිකත්වයෙන් අන්තර කාලින ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටත් තීන්දුවක් ගෙන ඇත.

 

එහෙත් සජබ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එම තීන්දුවට එකඟවී ඇත්තේ මුලික කොන්දේසියක් ඉදිරිපත් කරමිනි. ඒ, තමා අගමැති ධුරය බාර ගන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වැන්නේ නම් පමණක් බව අවධාරණය කරමිනි.

 

සජබ කෘත්‍යාධිකාරිය ගත් එම තීන්දුව මත රන්ජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න හා ආචාර්ය හර්ෂ ද සිල්වා යන සජබ නායකයින් ඊයේ (10) රාත්‍රී ජනාධිපතිවරයා හමුවී තම පක්ෂයේ ස්ථාවරය දැනුම් දී ඇත.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, රට තුළ බරපතල අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති මේ අවස්ථාවේදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සුදානම් නොමැති බවයි. එවැනි පිවරක් ගතහොත් රට තවදුරටත් අරාජිකවිය හැකිබව ජනාධිපතිවරයා සජබ නියෝජිතයින්ට පැහැදිලිකර දී තිබේ.

කෙසේවුවද ජනාධිපති ධුරයේ විධායක බලතල අහෝසි කිරීමට එකඟතාවය පළකර ඇති ජනාධිපතිවරයා, තමාව  ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ව්‍යවස්ථානුකුලව පාර්ලිමේන්තුව හරහා කටයුතු කරන ලෙසත් සජබ නියෝජිතයින්ට දැනුම් දී ඇත.

ඒ අනුව පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ජාව අවසන්වී ඇත්තේ ස්ථිර තීන්දුවක් නොමැතිව ය.

මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු පැහැදිලි කළ සජබ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසුයේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සුදානම් බවක් නොනිල අකාරයෙන් තම පක්ෂයේ ප්‍රධානියකු වෙත මිට දින කිහිපයකට පෙර දැනුම් දී තිබුනද ඔහු මේවනවිට සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇති බවයි.

කෙසේවුවද විපක්ෂ නායකවරයා අගමැති ධුරයට පත්කර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇති මගපෙන්වීම් යටතේ මාස කිහිපයක් තුල දී ජනාධිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සජබ ප්‍රධානින් අද පෙරවරුවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග විශේෂ සාකච්ජාවක් පවත්වන බවයි.



සබැඳි පුවත්


සජිත් අගමැතිකම බාර ගැනීමට සුදානම් ! - අද රාත්‍රී ජනාධිපති හමුවේ

 
 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්