සමගි ජන බල⁣වේගයේ නායකයකු යටතේ අන්තර් කාලින ආණ්ඩුවක් පිහිටුවීමට පොහොට්ටු පක්ෂයේ සහාය ලබා නොදෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ

නායකයකු පැවසිය.

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සජබ නායකයින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ සහාය ඉල්ලා ඇති බව පැවසු පොහොට්ටු ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ, පසුගිය දින කිහිපයේ සජබ නායකයින් කිහිපදෙනෙකුගේ ආශිර්වාදයන් පොහොට්ටු මන්ත්‍රීවරුන් සහ අධාරකරුවන් ගේ නිවාස හා දේපලවලට අලාභ  හානි කර ඇති බවට පිළිගත හැකි තොරතුරු ලැබී ඇති නිසා මෙම තිරණය ගෙන ඇති බව යි.

කෙසේවුවද, අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්ව කටයුතු කරන්නෙ නම් ඊට සහාය දැක්වීමට තම පක්ෂය මේවනවිට තීරණය කර ඇතැයි ද එම පොහෙට්ටු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.


''ජනපති ඉවත් වෙනවානම් වගකීම බාරගන්නවා'' - සජබ


කෙසේවුවද, අගමැති ධුරය බාර ගන්නයි ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත පසුගියදා ආරාධනයක් කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ආන්ඩුවේ වගකීම භාර ගැනීමට සුදානම් බවයි.

සියලුම පක්ෂ වල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රටේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන බවත් ඔහු පැවසිය.

සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රටේ වගකීම භාර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් එම ස්ථාවරයේ සිට කටයුතු කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

 
 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්