ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ධුරයෙන් ඉවත් වන  බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මීට ටික

වේලාවකට පෙර පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේ ය.

රට තුළ‌ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම් ගන්නා ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහොත් ආර්ථික තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද හෙතෙම කීය.

එහිදි අධිපතිවරයා මෙසේ ද කීය.

“දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත් දේශපාලන ස්ථාවරත්වය ගේන්න බැරි නම් කවුරු අධිපති ධුරයේ හිටියත් රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ඒ නිසා සතියක් දෙකක් ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණේ නැතිනම් මහ බැංකු අධිපති ධුරයේ දැරී සිටීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව මා ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.”


අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් නොමැති පැය 48ක්!

 

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්ව මේ වන විට පැය 48ක් ගතව ඇතත්, මේ දක්වා නව අග්‍රමාත්‍යවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට දේශපාලන බලධාරීන් මෙතෙක් අසමත්ව තිබේ.

 

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අද (මැයි 11) පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම ද අවලංගු කළත්, පසුව එය Zoom ඔස්සේ අද පස්වරු 3ට පැවැත්වීමට තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කරයි. යළි පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව ඇත්තේ මැයි 17 වැනිදා ය.

මෙම තත්ත්වය තුළ නව ආණ්ඩුවක් පත් කිරීම ද අවිනිශ්චිත ය.

පසුගිය 09 වැනිදා සාමකාමී විරෝධතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් පහරදීමත් සමග රටපුරා ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියා දෙවන දිනටත් ඊයේ රාත්‍රියේත් පැවතුන අතර මේ වන විට බොහෝසෙයින් පාලනය වී ඇතැ යි ආරක්ෂක අංශ පවසයි.

කෙසේ වෙතත් රට පුරා පනවා ඇති ඇඳීරි නීතිය හෙට (මැයි 12 වැනිදා) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කර ඇත.


ඇඳිරි නීතිය මැද මීගමුවට ගිනි තිබ්බේ කවුද ?


ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබූ මැයි 10 රාත්‍රී කාලයේදී මීගමුව, ඩීන් හංදියේදී දේපළ සහ වාහනවලට ගිනි තැබීමට පිරිසක් ක්‍රියා කළහ.

මේ වනවිට තත්ත්වය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති අතර එම ප්‍රදේශයට විශේෂ බලකාය ද කැඳවා තිබේ.

කලහකාරී ලෙස හැසිරුණු පිරිස සන්සුන් කිරීම සඳහා කතෝලික පියතුමන්ලා ආරක්ෂක අංශවලට විශාල සහයක් ලබා දෙන ලදී.



IMF ලංකාව ගැන නිවේදනයක් නිකුත් කරයි


ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින මුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (10) නිවේදනය කර තිබේ.

නව රජයක් පත් වූ විගස ප්‍රතිපත්තිමය සාකච්ඡා ආරම්භ කිරීමට සුදානම් වීම සඳහා තාක්ෂණික සාකච්ඡා සැලසුම් කළ පරිදි සිදුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර සමාජයේ ඇති වී තිබෙන නොසන්සුන්තාවය සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳව අවධානයෙන් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර  තාක්ෂණික සාකච්ඡා මැයි 9-23 දක්වා පැවැත්වේ.  


Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්