ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ ඒකාබද්ධ

වැඩවර්ජනය අවසන් කළ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිත රවී කුමුදේෂ් අද (11) නිවේදනය කර සිටියි.  

මහජන සේවා හෙට පෙරවරු 7.00 සිට සිට යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බව ද රවී කුමුදේෂ් වැඩි දුරටත් කීය.  

ගාලුමුවදොර ‘අරගල භූමියට’ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මැරයන්ට මහජනතාව නිසි දඩුවම් ලබාදී ඇති බැවින්, තවදුරටත් රට තුළ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මවීම වැලකිය යුතු බවත් ආගම් අන්තවාදීන්, හොරුන්, දේශපාළණ මැරයින්, හොරුන්ට ජන අරගලය අතට ගැනීමේ ඉඩ වැලකිය යුතු බවත් වැඩි දුරටත් සඳහන් කළේය.


අරගලය නව මුහුණුවරකින් මැයි 13 වෙනිදා සිට...


වෘත්තීය සමිති නායක රවී කුමුදේෂ් තවදුරටත් මෙසේද පැවසිය.

ආරක්ෂක ලේකම් කියලා කෙනෙක් ඊයේ රෑ කියනවා වෙඩි තියන්න කියලා. හිටපු අගමැති හැංගිලා. එයාව නිත්‍යානුකූලවම අයින් කරලා. ආණ්ඩුවක් නෑ. ඒ නිසා ආරක්ෂක  ලේකම් කෙනෙක් ඉන්න විදිහක් නෑ.

1 PLS CUTOUT CMLS President Ravi Kumudesh

''සාමකාමී ජන අරගලයට අත තැබූ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ ආණ්ඩුව ගෙදර ගිහින් ඉවරයි. දැන් දේශපාලන මැරයෝ, කුඩු කාරයෝ ආගම් අන්තවාදීන් වැඩේ අතට ගන්න හදමින් ඉන්නවා. මේක හමුදා පාලනයේ සැලසුම් සහගත උත්සාහයක් වෙන්න පුළුවන් '' -  රවී කුමුදේශ්

 

රටේ දැං නිර්මාණය වෙලා තියන තත්වය මගින් වෙනත් වාසි ලබා ගැනීමට ඉඩ නොතබමින්, රට යථා තත්වයට පත් කර ගැනීම, අරගලය ඉදිරියට ගෙන යෑම සදහා අත්‍යවශ්‍ය වන බැවින්, ඒකාබද්ද වර්ජනය හෙට උදේ 7 සිට තාවකාලිකව අවසන් කිරීම මේ මොහොතේ වෘත්තීය සමිති වගකීමක්..

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මහින්ද රාජපක්ෂගේ මැරයන්ට මහජනතාව නිසි දඩුවම් ලබා දී ඇතත්, මහ ජනතාව නීතිය අතට ගැනීම කිසිසේත්ම රටේ අනාගතයට හෝ ජන අරගලයේ ජයග්‍රහණයට ව්වාසියක් නොවන බැවින්ද, වගකිවයුතු රජයක් හෝ ජනතාව පිළිගන්නා ජනාධිපතිවරයෙකු නොමැති තත්වයක් යටතේ මහජන සේවාවන් සහ රටේ ආර්ථික මර්මස්ථාන යාන්ත්‍රණය අඩපණවීම බරපතලව සැලකියයුතු බැවින් වෘත්තීය සමිති විසින් මෙම තීරණයට එළඹෙන ලදී.

එසේම රට ව්‍යවස්ථාණුකූල ලෙස කඩිනමින් යථා තත්වයට පත් කිරීම සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලන පක්ෂ නායකයින්ගේ වගකීමක් වන බැවින්, ඒ සදහාද බල කරමින්, ජන අරගලය විසින් ඉල්ලනු ලබන සැබෑ දේශපාලන පරිවර්තනය සදහා වන අරගලය ලබන 13 වෙනිදා සිට නව මුහුහුණුවරකින් නැවත ආරම්භ කිරීමටද වෘත්තීය සමිති ඒකාබද්ධව තීරණය කර ඇත.'' 

 

Leader Whats app

 

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්