පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ 11ක කණ්ඩායම විසින් අග්‍රාමාත්‍ය ධූරය සඳහා නම් තුනක් ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබේ.



නිමල් සිරිපාලද සිල්වා, විජේදාස රාජපක්‍ෂ, ඩලස් අලහප්පෙරුම එසේ යෝජනා වී ඇති නම්ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂට ඒ බව ලිඛිතව දන්වා යවා ඇත.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අග්‍රාමාත්‍ය තනතුර බාර ගන්නේ නැති නම් ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායම එම වගකීම බාර ගැනීමට තීරණය කර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ටිලාන් අලස් ගේ නිවසේ පැවැති රැස්වීමකදීය.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, ටිලාන් අලස් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියේය. 

 


 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්