theleaderlk 01

කරුණු 4කට යටත්ව ආණ්ඩුව බාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසයි.



ඊයේ (11) සවස පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම තීරණය ගෙන ඇත.

එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් එබව කියා සිටියි.

මේ මොහොතේ රටේ ජනතාව පත්ව ඇති දුෂ්කර සහ අවිනිශ්චිත තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමට අදාළ කරුණුවලට යටත්ව සමගි ජන බලවේගය රට භාර ගැනීමට සූදානම් ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබේ.


අදාළ නිවේදනය පහතින් දැක්වේ…

SJB 1024x986

හරීන් ස්වාධින වෙයි


තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසන්නේ “මේ රටට ඉක්මනින් රජයක් අවශ්‍යයි. අපිට මේක ප්‍රමාද කරන්න බැහැ. සමගි ජන බලවේගය මෙය ප්‍රමාද කරන්නේ නම් මම ස්වාධීනව සිට රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියකට සහය දැක්වීමට තීරණය කළා” යනුවෙනි.

 
 

Leader Whats app

 

 

 

නවතම පුවත්