වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටි පළමු රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මරාදැමීම පිළිබද නඩු විභාගය
නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ” මාධ්‍යවේදී ඝාතනය පිළිබඳ නිත්‍ය මහජන අධිකරණය” The People’s Tribunal on the Murder of Journalists විසින් අද ආරම්භ කෙරේ.
මෙම නඩු විභාගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 සිට රාත්‍රී 8.30 දක්වා අද සහ හෙට පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂියක් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) කැඳවුම්කරු රෝහිත භාෂණ අබේවර්ධන විසින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 2.45 ට ලබා දීමට නියමිතය.
සිය පියාගේ ඝාතකයින් අධිකරණය ඉදිරියට ගෙන ඒමට අනවරත අරගලයක යෙදී සිටින අහිම්සා වික්‍රමතුංග ද එහිදී සාක්ෂී දෙනු ඇතැයි විශ්වාස කැරේ.
මෙම නඩුවෙහි අපරාධ චෝදනා ගොනු කැරෙන්නේ ශ්‍රි ලංකා ආණ්ඩුවට එරෙහිව බව විනිශ්චය සභාව කැඳවා ඇති ෆ්‍රී ප්‍රෙස් අන්ලිමිටඩ් (FPU), මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වූ කමිටුව (CPJ) සහ දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) පවසති.
ලසන්ත වික්‍රමතුංග මරණයෙන් ගලවා ගැනීමට අසමත් වීමෙන් ආණ්ඩුව මරණයට වගකිව යුතු බවට නඩු විභාගයේදී අධි චෝදනා ගොනු කෙරේ.
මෙම නඩු විභාගයේදී නිදහසට කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට ආරාධනය කර ඇති බව සංවිධායකයෝ පවසති.
ඒ සම්බන්ධ රජයේ ප්‍රතිචාරය දැනගන්නට නැත.

