අගමැති ධුරය බාර ගන්නා ලෙස තමා විසින් රනිල් වික්‍රමසිංහට දුන් වචනය මේ අවස්ථාවේදී වෙනස් කළ නොහැකි බව ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින්ට දැනුම් දුන් බව ජනාධිපති

කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.  

ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, අග්‍රාමාත්‍යධුරය භාර ගැනීමට තමන් සුදානම් බවට විපක්ෂනායක සජීත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (12) දහවල් ලිපියක් යොමු තිබු ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

වත්මන් අර්බුදය තුළ අගමැතිධුරය බාරගනිමින් ආණ්ඩුවක් පිහිටුවන ලෙස තමන් පළමුව අරාධනා කලේ විපක්ෂ නායකවරයාට බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා දිගින් දිගටම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවද ප්‍රකාශ කර තිබේ.

ඒ තත්වය තුළ අගමැතිධුරය බාර ගන්නා ලෙස තමා කල ඉල්ලීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුන හෙයින්, ඔහුට අද දිනයේ දිව්රුම් දීමට පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.


කෙසේවුවද පාර්ලිමේන්තුව තුළ 113ක බහුතර බලයක් පෙන්වා අගමැති ධුර ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.

WhatsApp Image 2022 05 12 at 4.37.50 PM                                                                            සමාජ මාධ්‍යයේ පළවූ පෝස්ටුවකි


නව අග්‍රමාත්‍යවරයෙකු හෝ ආණ්ඩුවක් නොමැති තුන්වන දිනටත් රට එළැඹ තිබේ.

කෙසේ වෙතත් අලුත්ම දේශපාලන වාර්තා අනාවරණය කරන පරිදි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද සවස 6.30 ට අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිත අතර ඉන් අනතුරුව කොළඹ ගංගාරාමයට හා කොල්ලුපිටියේ වාලුකාරමයට ගොස් ආගමික වතාවත් වලට සහභාගී වීමට නියමිතය.

ජනාධිපතිවරයා ඊයේ (12) ජාතිය අමතමින් පැවසුයේ, මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයගේ විශ්වාසය දිනාගත් සහ ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත්කරන බවයි.

ජනාධිපතිවරයා කියා සිටියේ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මකවන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටද තමා කටයුතු කරන බවයි.

 

 


සබැඳි පුවත:
'අගමැතිකම බාර ගන්න කැමතියි' - සජිත් කියයි

Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්