1200 x 80 DMirror

නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (12) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත් වූ ජනාධිපතිවරයකු යටතේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පැවති අවස්ථාවක තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සුවිශේෂී කාරණයකි.

රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

හය වතාවක් රටක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ලොව එකම දේශපාලකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ යි.එය ලෝක වාර්තාවක් ලෙස ද සැලකේ.

 

Ranil Wickremesinghe


මහින්දට යන්නට වීම ...



තම ආධාරකරුවන් මැයි 09 වෙනිදා ජන අරගල භූමියට කඩා පැන සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට රටපුරා විරෝධයක් මතුවීමත් සමග  
මහින්ද රාජපක්ෂ එදින ඉල්ලා අස්වූ අතර ඒ අනුව අමාත්‍ය මණ්ඩලයද අහෝසිවිය.

ඒ අනුව, නව අග්‍රමාත්‍යවරයෙකු හෝ ආණ්ඩුවක් නොමැති තුන්වන දිනටත් රට එළැඹ තිබිණ.

කෙසේවුවද මෙම අර්බුදය විසඳා ගැනීම ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය බාර ගන්නා ලෙස විපක්ෂ නායකවරයට ආරාධනා කළේය. එහෙත්, පළමුව ජනාධිපතිවරයාට ඉල්ලා අස්වනලෙස කොන්දේසි ඉදිරිපත් කරමින් විපක්ෂනායකවරයා එම ආරාධනය ප්‍රතික්ෂේප කළේය.

ස්වාධින මන්ත්‍රී කණ්ඩායමෙන් අගමැති අපේක්ෂකයකු ඉදිරිපත් කරනබව ප්‍රකාශ වුවද ඊයේ දක්වා ඒ සම්බන්ධයෙන් ද යහපත් ප්‍රතිචාරයක් සිදු නොවිය.

අනතුරුව ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයට ගිය රනිල් වික්‍රමසිංහ ගෙන්  අගමැති ධුරය බාර ගන්නැයි ජනාධිපතිවරයා ඉල්ලිමක් කර තිබිණ. ඒ අනුව පවතින අර්බුදයට විසඳුමක් ලබාදීමේ අරමුණින් අගමැති ධුරය බාර ගැනීමට රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළකර තිබිණ.


ජනාධිපතිගේ ප්‍රකාශය :



අර්බුදය දවසින් දවස වර්ධනය වෙමින් තිබියදී ජනාධිපතිවරයා ඊයේ (12) ජාතිය අමතමින් පැවසුයේ, මේ සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයගේ විශ්වාසය දිනාගත් සහ ජනතාවගේ විශ්වාසය තහවුරු කළ හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත්කරන බවයි.

ජනාධිපතිවරයා කියා සිටියේ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මකවන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටද තමා කටයුතු කරන බවයි.

Leader Whats app

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය