තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව අද (මැයි 12) නව අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ පවසයි.



නව කැබිනට් මණ්ඩලය පත් කිරීම හෙට දිනයේ සිදු නොවන අතර තමන් 'ගෝඨා ගෝ ගම'ට අත නොතබන බව ද පැවසුවේය.

අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ආශීර්වාද ලබා ගැනීම සඳහා කොළඹ, කොල්ලුපිටිය වාළුකාරාමයට පැමිණි අවස්ථාවේදී ඔහු මේ අදහස් පළ කරන ලදී. 

 

රටේ ජනතාව මේ අවස්ථාවේ මූන පා සිටින ආර්ථික අර්බුදයන්ට ඉතාමත් කෙටි කාලකින් විසදුම් ලබා දී ජනතාව විඳින පීඩාවන්ගෙන් මුදා ගන්නා බව ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසිය. 

 හෙතෙම එබව කියා සිටියේ, කොළඹ වාලුකාරාමයේ ආගමික වතාවත් වල නියුතු වී පිටතට පැමිණි අවස්තාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහිදී මාධ්‍ය අග්‍රමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, බහුතරය පෙන්වන්නේ කෙසේද කියයි. ඊට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ බහුතරය පෙන්වීමට අවශ්‍ය වූ විට එය පෙන්වන බවයි.

එහිදී මාධ්‍ය පෙරළි ප්‍රශ්න කළේ ආණ්ඩුවේ සහයෙන් බහුතරය පෙන්වන්නේද කියයි. ඊට පිළිතුරු දීම වෙනුවට මාධ්‍යයට ප්‍රශ්නය යොමු කළ අගමැතිවරයා විමසා සිටියේ මාධ්‍ය ජනතාව දුකෙන් මිදෙනවාට අකමැතිද කියයි.

 දිගින් දිගටම ජනතාව මේ පීඩනයේ සිටීම මාධ්‍යයේ අවශ්‍යතාව දැයි අගමැතිවරයා මාධ්‍යයෙන් විමසා සිටියේය. මෙහිදී අගමැතිවරයා වැඩි දුරටත් සඳහාන් කළේ දැන්වත් පටු දේශපාලනය කිරීම නතර කරන ලෙසයි.

ගෝඨාගෝගමට වෙන්නේ කුමක්දැයි කළ ප්‍රශ්න කිරීමේදී අගමැතිවරයා කියා සිටියේ අරගලය දිගින් දිගටම පැවතිය යුතු බවත් ගෝඨාගෝගමට කිසිවක් නොකරන බවය.

යම් විදිහකින් රනිල් ගෝ ගමක් ඇති වුවහොත් කරන්නේ කුමක්දැයි මාධ්‍යවේදියකු අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ තමන්ගේ නිවස ඉදිරියේ මීට දින කීපයකට පෙර රනිල් ගෝ හෝම් ලෙස සටන් පාඨ රැගෙන පිරිසක් සිටි බවයි. මේ ලෙසින් සියලු දෙනාට ගෝ හෝම් කියන්න ගියොත් රටපාලනය කිරීමට ක්‍රම වේදයක් සකස් කිරීමට නොහැකි වන බවද මෙහිදී හෙතම පෙන්වා දුන්නේය.


 අගමැතිට  මල්වතු-අස්ගිරි නාහිමිවරුන්ගේ ආශිර්වාදය


අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් දුරකතනයෙන් කතා කොට ආශිර්වාද පළ කොට තිබේ.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහනාහිමියන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමතමින් ආශිර්වාද කර ඇත.

ඊට අමතරව වැලන්ස් මෙන්දිස් මහනුවර රදගුරුතුමන් ද රනිල් වික්‍රමසිංහ ට කතා කොට ආශිර්වාද කොට ඇත.

 

 


Leader Whats app

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්