නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ ගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරෙනු ඇති බව වාර්තාවේ.



ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතය.

නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.

ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍ය ධුරය අගමැති රනිල් වික්‍රමසිංහ වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.

අගමැති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ අගමැති කාර්යාලයේ දී සිය තනතුරේ වැඩ බාරගත්තේ ය.


Leader Whats app

 

 

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය