ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස බලකරමින් ජනතා විරෝධයක් මතුව තිබියදී රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කිරීමට එරෙහිව

ඊයේ (12) සවස ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

නව අගමැති රනිල් වික්‍රමසිංහ පත් කිරීම පිළිගත නොහැකි බවත් එය නීතිවිරෝධී බවත් ගාළු මුවදොර ඇතැම් විරෝධතාකරුවෝ සඳහන් කරති.

අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේ, ජනාධිපතිවරයා මෙන්ම අමාත්‍යවරයාද වලින් ඉවත් නොවන්නේ නම් නුදුරේදීම ‘රනිල් ගෝ ගම’ නමින් ගම්මානයක් ඉදි කිරීමට පසුබට නොවන බවයි.

ගාළු මුවදොරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.




පුද්ගලයින් වෙනුවට අලුත් සැළැස්මක් දිනවමු - #PlanB


රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය බාර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් #PlanB සමුහිකය පවසන්නේ, ''පුද්ගලයින් වෙනුවට අලුත් සැළැස්මක් දිනවමු'' කියයි.

''ජනාධිපති, නව අගමැති, පාර්ලිමේන්තුව සහ #PlanB අවශ්‍යතාවය'' යන ශීර්ෂයෙන් යුතුව #PlanB විසින් නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ. එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේ ද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුත්තේ ය.

වත්මන් ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(3) ව්‍යවස්ථාවට අනුව යමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රී නියෝජනය වන රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස පත්වී ඇත. මෙය තනිකරම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ජනාධිපතිවරයාගේ "කල්පනාවෙන්" පමණක්ම සිදුකරන්නකි. ?

අනිත් අත⁣ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ,

38(2)(අ)(iv) ස්වකීය ධූරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ වීම විශමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරද හෝ ....
කර ඇති බවට චෝදනා කරන්නාවූ ද එම චෝදනාවෙහි හෝ චෝදනාවල සම්පූර්ණ විස්තර දැක්වෙන්නා වූ ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳව පරික්ෂා කොට බලා වාර්තා කරන ලෙස ඉල්ලා සිටින්නා වූ ද යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීමට තමා අදහස් කරන බවට පාර්ලිමේන්තුවේ කවර වූ හෝ මන්ත්‍රීවරයකු විසින් කථානායකවරයා වෙත යවන ලිපියකින් දැන්වීම් කළ හැකි වන්නේ ය.

එවැනි අවස්ථාවක එම යෝජනාව 2/3 ක බහුතරයකින් සම්මත විය යුතු සේම එම චෝදනාව හෝ චෝදනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පරික්ෂා කොට වාර්තා කිරීමට තරම් වන බවට කථානායකවරයා සෑහීමකට පත් වීමත් සිදුවිය යුතුය.

මේ වනවිට ජනාධිපතිවරයා විසින් තමන් ගත් තීරණ කීපයක් වැරැදි බව ප්‍රකාශ කරමින් තමන්ගේ ධූරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කර ඇති බව පාපොච්චාරණයක් සිදුකර ඇත. නමුත් මේ වනවිටත් ඔහුගේ සහෝදරයන් ඇතුළු හිතමිතුරන්ගේ ආරක්ෂාව සැළසීම අරමුණු කොටගෙන රටේ මහජනතාවගේ ආරක්ෂාවට යැයි කියා ජනතාව අපහසුතාවයට පත්වන පරිදි හදිසි නීති තත්ත්වයන් ක්‍රියාත්මක කරමින් සිටින බව පොදුජනතාවගේ මතයයි. ?

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පහසුම උත්තරය ව්‍යවස්ථාවේ  ඇත. . අදාළ යෝජනා සම්මතයට අත්සන් කරන මෙන් මන්ත්‍රීවරුන්ට බල කිරීමටත් ඒ පිළිබඳ තමන්ගේ විදග්ධ කල්පනාව මෙහෙයවීමට කථානායකවරයාට පහසු මනසක් සැකසීමටත් පොදු ජන අරගලයේ අනුනාදයන්ටද හැකිය.

ගරු අගමැතිතුමාගේ පත්කිරීම මඟින් මෙවැනි යෝජනා සම්මතයකට පාර්ලිමේන්තුවේ 2/3 ක පාර හොඳින් සැකසී ඇත යන්න අදහසයි. යමෙකුට මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අභිමතය සහ කථානායකවරයාගේ කල්පනාව එහෙමත් වෙනස් කළ හැකිදැයි, එය සදාචාරාත්මකදැයි, එය ව්‍යවස්ථාවේ දැක්වෙන දෙයැක්දැයි විමසිය හැකිය.. ඔවුන් වෙත මට දීමට ඇති සරල උත්තරය හිටපු අගමැති ඉවත්වීම සහ නව අගමැති පත්කිරීම දෙස බලන්න යැයි කීම පමණි.?

අරගලයට ජය වේවා ! 

රටට ජය වේවා! 
පුද්ගලයින් වෙනුවට අලුත් සැළැස්මක්
(#PlanB) දිනවමු !



#PlanB සමුහිකය විසින් මිට අදාලව සමාජ මාධ්‍ය මෙහෙයුමක් ද ආරම්භකර ඇත.

PHOTO 2022 05 13 11 08 13
PHOTO 2022 05 13 11 08 14
PHOTO 2022 05 13 11 08 13 1PHOTO 2022 05 13 11 08 12

ජන අරගලය දිගටම පැවැතිය යුතු බව රනිල් කියයි


ගාලුමුවදොර පැවැත්වෙන ජන අරගලය දිගටම සිදුවිය යුතු බවත් ඊට කිසිඳු බාධාවක් ඇති නොකරනබවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

හෙතෙම එබව කියා සිටියේ, අගමැති ධුරයේ දිව්රුම් දීමෙන් පසු කොළඹ වාලුකාරාමයේ ආගමික වතාවත් වල නියුතු වී පිටතට පැමිණි අවස්තාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ගෝඨාගෝගමට වෙන්නේ කුමක්දැයි කළ ප්‍රශ්න කිරීමේදී අගමැතිවරයා කියා සිටියේ අරගලය දිගින් දිගටම පැවතිය යුතු බවත් ගෝඨාගෝගමට කිසිවක් නොකරන බවය.

යම් විදිහකින් රනිල් ගෝ ගමක් ඇති වුවහොත් කරන්නේ කුමක්දැයි මාධ්‍යවේදියකු අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ තමන්ගේ නිවස ඉදිරියේ මීට දින කීපයකට පෙර රනිල් ගෝ හෝම් ලෙස සටන් පාඨ රැගෙන පිරිසක් සිටි බවයි. මේ ලෙසින් සියලු දෙනාට ගෝ හෝම් කියන්න ගියොත් රටපාලනය කිරීමට ක්‍රම වේදයක් සකස් කිරීමට නොහැකි වන බවද මෙහිදී හෙතම සඳහන් කළේය.




Leader Whats app

 

 

 

 
 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය