නව රජයේ කොටස්කරුවන් නොවීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන හවුල්කාර පක්‍ෂ 10 කණ්ඩායම තීරණය කර ඇත.

 


ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය හා ලංකා සම සමාජ පක්‍ෂය යන පක්‍ෂ ඇතුළු හවුල්කාර පක්‍ෂ 10 හි නියෝජිතයන් බොරැල්ල, ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ ජා.නි.පෙ නායක විමල් වීරවංශ පැවසුවේ පක්‍ෂ 10 එකමුතුව ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවේ යහපත් පියවරවලට සහය දෙන බවයි.

රනිල් වික්‍රමසිංහ ට අග්‍රාමාත්‍යධූරය ලබාදීමෙන් රටේ පවතින තත්වය පාලනය කිරීමට හැකිවේ යැයි තම කණ්ඩායම විශ්වාස නොකරන බව කී වීරවංශ මන්ත්‍රීවරයා, ඔහු වත්මන් අර්බුදයට වගඋත්තරකරුවකු බව ද කීවේය.


නව පාලනය කඩාකප්පල් කිරීමට, හොඳ දෙයක් කරන විට බාධා කිරීමට හෝ වෛරී දේශපාලනයක් කිරීමට තම කණ්ඩායම බලාපොරොත්තු නොවන බව කී මන්ත්‍රීවරයා රට පාවාදීමේ යෝජනාවන් ඉදිරිපත් වුවහොත් ඒවාට ඉඩනොදෙන බව ද පැවසීය.



ඔහු අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් එතෙක් බලා සිටි විපක්‍ෂයේ පක්ෂ වගකිව යුතු බව ද වීරවංශ එහිදී සඳහන් කළේය.

ඒත් රට ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමේ ස්ථාවරභාවයක් නොවන බව කී වීරවංශ මන්ත්‍රීවරයා, ඒ නිසා ආරාධනා ලැබුණත් එම පාලනයේ කොටස්කරුවන් විය නොහැකි බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ ට පාර්ලිමේන්තුව තුළ සරළ බහුතරය නොමැති බව පෙනුණොත් නැවතත් අවිනිශ්චිත තත්වයක් මතුවන නිසා ඒ ගැන ප්‍රශ්න මතු නොකරන බව කී මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකදී 113 වෙන පැත්තක බව පෙනිය හැකි නිසා එසේ නොවන අයුරින් කටයුතු කිරීමට අගමැතිවරයා දැනගත යුතු බව ද පැවසීය.



''විශ්වාසභංග ගෙනා බලවේග අදිමදි කිරීම නිසා ලැබුන ලොතරැයි වාසනාවක්'' - උදය ගම්මන්පිල
 
පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ හිටපු අගමැතිවරයාගේ කල්‍යාණ මිත්‍රයකු වන රනිල් වික්‍රමසිංහ සාටකයෙන් ටයි පටිය හදාගෙන අගමැති පුටුවේ වාඩිවී ඇති බවත්, ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාසභංග ගෙනා බලවේග අදිමදි කිරීම නිසා ඔහුට එම ලොතරැයි වාසනාව ලැබුණු බවත්ය.

රනිල් වික්‍රමසිංහ මෙතෙක් ක්‍රියාත්මක කළ න්‍යාය පත්‍රයෙන් මිදී රට ගොඩගැනීමට කටයුතු කළහොත් එම ආණ්ඩුවට සහය දිය හැකි බව කී ගම්මන්පිල මන්ත්‍රීවරයා, නමුත් මෙම ආණ්ඩුව ප්‍රශ්නයට විසඳුම් ගෙනේවියැයි විශ්වාස නොකරන බව ද පැවසීය.

නව වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යුතුකම සංවාද කවයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ


 

 

 


 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්