රාජ්‍යයට චෝදනා එල්ලවන අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල යුක්තිය ඉටුවීම ජාත්‍යන්තර විනිශ්චය සභාවක් තුල සැක මතුවී තිබේ.



"ශ්‍රී ලංකාවේ අධිකරණය ගැන මට ඇත්තේ කටුක අත්දැකීමක්," යයි ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාධාරීනී සන්ධ්‍යා එක්නැලිගොඩ අද ප්‍රකාශ කළේ නෙදර්ලන්තයේ හේග් නුවර පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර විනිශ්චය සභාවක සාක්ෂි දෙමිනි.

"ප්‍රගීත් ගේ නඩුවට සම්බන්ධ එක විනිසුරුවරයකු හමුදා බ්‍රිගේඩියර් කෙනෙක්. ඔහු තවමත් සේවයේ යෙදී සිටින අයකුදැයි මම හමුදාවේ නීති අංශයෙන් ඇසුවා. අද වන තුරු මට උත්තරයක් නෑ."

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් හේග් නුවර පැවැත්වෙන මහජන විනිශ්චය සභාවේ දෙවැනි දිනය වන අද  (13) සන්ධ්‍යා එක්නැලිගොඩ සහ මාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති සාක්ෂි දෙමින් සිටිති.

වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටි පළමු රාජපක්ෂ පාලන සමයේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මරාදැමීම පිළිබද නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ” මාධ්‍යවේදී ඝාතනය පිළිබඳ නිත්‍ය මහජන අධිකරණය” The People’s Tribunal on the Murder of Journalists ඊයේ ආරම්භ විය.



මෙම නඩු විභාගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 සිට රාත්‍රී 8.30 පැවැත්වේ.

එය සජීවී ලෙසින් https://ptmurderofjournalists.org/sri-lanka-case-hearing-on-the-murder-of-journalist-lasantha-wickrematunge/ හරහා නැරඹිය හැක.

විනිශ්චය සභාවේ පළමු දිනයේ සාක්ෂි දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ (JDS) කැඳවුම්කරු රෝහිත භාෂණ අබේවර්ධන 2004 2010 දක්වා දිවයින තුල ඝාතනය කරන ලද මාධ්‍යවේදීන් 44 දෙනකු පිළිබඳ විස්තර ලබාදී තිබේ.

මාධ්‍යවේදීන් ගේ ඝාතන සම්බන්ධයෙන් පමණක් නොව රාජ්‍යයට චෝදනා එල්ලවන අපරාධ සම්බන්ධයෙන් අධිකරණය කිසිවිටකත් සාධනීය ලෙස කටයුතු කර නැති බවයි.  

මෙම නඩුවෙහි අපරාධ චෝදනා ගොනු කැරෙන්නේ ශ්‍රි ලංකා ආණ්ඩුවට එරෙහිව බව විනිශ්චය සභාව කැඳවා ඇති ෆ්‍රී ප්‍රෙස් අන්ලිමිටඩ් (FPU), මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වූ කමිටුව (CPJ) සහ දේශසීමා නොමැති වාර්තාකරුවෝ (RSF) පවසති.

ලසන්ත වික්‍රමතුංග මරණයෙන් ගලවා ගැනීමට අසමත් වීමෙන් ආණ්ඩුව මරණයට වගකිව යුතු බවට නඩු විභාගයේදී අධි චෝදනා ගොනු කෙරේ.

මෙම නඩු විභාගයේදී නිදහසට  කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවට ආරාධනය කර ඇති බව සංවිධායකයෝ පවසති.

ඒ සම්බන්ධ රජයේ ප්‍රතිචාරය තවමත්  දැනගන්නට නැත.


සබැඳි පුවත් :

ලසන්ත ඝාතනය ගැන ජාත්‍යන්තර නඩුවක් අද සහ හෙට

 

 

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්