ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව ) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (14) පැවැත්වෙයි.


එම රැස්වීම අද පෙරවරු 10.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා හමුවෙන පළමු අවස්ථාව මෙය වනු ඇත.


''අගමැති රනිල්ට සහය දෙනවා'' 



මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් නිව්ස් ෆස්ට් වෙත පැවසුවේ, තම පක්ෂයේ සහය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බවයි.

එසේම, ජනාධිපතිවරයාගේ තීරණය අනුව කැබිනට් අමාත්‍ය ධුර භාර ගැනීම තීරණය කරන බවයි.


පොහොට්ටු මහ ලේකම්වරයා කියා සිටියේ, රටේ දැනට පවතින විශාල ආර්ථික අර්බූදයට පිළියම් සෙවීම සඳහා සියලු දේශපාලන කරුණුවට වඩා මුල් තැන දිය යුතු බවයි.


ඒ අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිත්වය දරන ආණ්ඩුව ආර්ථික ප්‍රශ්න විසඳීමෙහි ලා ගනු ලබන සියලු සාධනීය ක්‍රියාවලට පොදුජන පෙරමුණේ සම්පූර්ණ සහය ලබා දෙන බව ද මහ ලේකම්වරයා පැවසී ය.

කෙසේ වෙතත් සියලු කටයුතු සිදු කරන්නේ, පක්ෂයේ ස්වාධීනත්වය රැක ගනිමින් බව ද ඔහු සඳහන් කළේ ය.

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්