පසුගිය දිනවල සිදුවූ අලාභහානි වලින් විපතට පත් පොහොට්ටු පක්ෂයේ මැති ඇමතිවරුන්ට හා පාක්ෂිකයින්ට සහන සැලසීමේ වැඩසටහනක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ආරම්භකර ඇතැයි

වාර්තාවේ.

ඒ අනුව එසේ විපතට පත් පාක්ෂිකයින්ට මුල්‍යමය හා නීතිමය වශයෙන් ආධාර කිරීමට විශේෂ වැඩසටහනක් ආරම්භකර ඇති මන්ත්‍රීවරයා, එසේ විපතට පත්වූ සියලුදෙනා වෙත සාධාරණය ඉටුකර දෙන බවට ද සහතික වී ඇතැයි ද පැවසේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙකක් විසින් ඉතාමත් සැලසුම් සහගතව මෙම ගිනිතැබීම් හා අලාභහානි සිදුකර ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.



මැති ඇමතිවරු 55කට වැඩි පිරිසකගේ නිවාස ගිනිබත් කරලා




ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත මැර කණ්ඩායම් විසින් එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් පසු කුපිත වූ පිරිස් පසුගිය දිනවල මැති ඇමතිවරුන් 55 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්රි, වෛද්‍ය රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්‍ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, විදුර වික්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, අරුන්දික ප්‍රනාන්දු, එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, මොහාන් පී ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය,  හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩී.බී හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, උද්දික ප්‍රේමරත්න, අලි සබ්රි රහීම්, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ, අකිල එල්ලාවල, සංජීව එදිරිමාන්න, සමන්ප්‍රිය හේරත්, රාජිකා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩි වීරසිංහ, අනුෂ පැස්කුවල්, සහන් ප්‍රදීප් ඇතුළු මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට ජනතාව පහරදී ගිනි තබා විනාශ කර තිබිණි.

ඇතිවූ ගැටුම්කාරී තත්වය තුළ වෙඩි ප්‍රහාරයකින් මියගිය අමරකීර්ති අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවෙසද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කළහ.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ට අයත් කුරුණෑගල පිහිටි නිවසකට ද ජනතාව ගිනි තැබූ බව වාර්තා විය.

එම නිවෙස්වල තිබූ රථ වාහන පවා පහරදීම් සහ ගිනි ඇවිලීම් හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබිණි.

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට පහරදුන් මැර කණ්ඩායම් ප්‍රවාහනය කළ බස් රථ ඇතුළු වාහන ගිනි තබමින් හා ඔවුන්ට පහර දෙමින් ජනතාව විරෝධය පළ කළ අතර බස් රථ ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් ගිනිබත් වී තිබිණි.

බස්නාහිර පළාත තුළ පමණක් බස් රථ ඇතුළු වාහන 97කට පහර දී ගිනි තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

තවත් වාහන ගනණාවක් අරලියගහ මන්දිරය අසල බේරේ වැවට ද තල්ලු කර තිබෙනු දක්නට ලැබිණි.

ඇතිවූ ගැටුම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු දේශපාලනඥයන් දෙදෙනකු, පොලිස් කැරලි මර්දන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු අට දෙනකු මියගොස් ඇති අතර, 232 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ නිට්ටඹුව ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකදී මරණයට පත්වූ අතර, වෙඩි වැදීම හේතුවෙන් එම මරණය සිදුව තිබිණි.

 

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්