වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා අලුත් ආණ්ඩුවට සහය පලකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම එකඟත්වය පළකර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර

ආරංචිමාර්ග පවසයි.

කෙසේවුවද ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුයේ, නව ආණ්ඩුවේ කොටස්කරුවකු වීමට සූදානම් නැති බවත්, ඒ අනුව එහි අමාත්‍යධූර හෝ වෙනත් තනතුරු බාර ගැනීමට සුදානම් නොමැති බවත්ය.

නමුත් ජනතාවට දැඩිව බලපා ඇති ආහාර මිල, ගෑස්, ඉන්ධන, විදුලිය, පොහොර, ඖෂධ සම්බන්ධ ගැටලු විසඳීමට අගමැතිවරයා හා ඇමති මණ්ඩලය කටයුතු කරනවා නම් ඊට අදාළව පාර්ලිමේන්තුවට ගෙන යෝජනාවන්ට සහය ලබාදෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, මධ්‍යම කාරක සභා රැස්වීමේදී  දීර්ඝ ලෙස සාකච්ඡා කර පක්ෂය මෙම තීරණයට එළැඹි බවයි.



ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ඊයේ (13) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රීලනිප බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇතුළු කිහිප දෙනෙකු දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ, මේ අවස්ථාවේදී ජනතාවට සහනයක් ලබාදීමට ආණ්ඩුවට සහය පලකළ යුතු බවයි.

මේ අතර අගමැති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන පරිදි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඊයේ රාත්‍රී අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී ආණ්ඩුවට සහය පලකිරීමට එකඟත්වය පළකර ඇත. ඒ අතර එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ද වේ.

එම ආරංචිමාර්ග වලට අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ආණ්ඩුවට සහය ලබාදීමට මේවනවිට එකඟත්වය පළකර තිබේ.


රනිල්ව අගමැති කරන්න ජනපතිට බලපෑම් කලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුද ?



මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ,  විපක්ෂයේ අයකු අගමැති ධුරයට පත්කරන්නැයි ජනාධිපතිවරයාට දිගින් දිගටම බලපෑම් කර ඇත්තේ, පාර්ලිමේන්තුවේ 'ස්වාධින' කණ්ඩායමේ  මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බවයි.

ආණ්ඩුවේ අයකු අගමැති ධුරයට පත්කිරීම මේ අවස්ථවේ සුදුසු නොවන බවත්, එහෙයින් විපක්ෂ නායකවරයාට ආණ්ඩුව බාරගැනීමට ආරාධනා කරන ලෙසත් ජනාධිපතිවරයාගේ ඉල්ලා ඇත්තේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් පස්දෙනෙකු (05) විසින් බව එම ආරංචිමාර්ග තවදුරටත් පවසයි. අගමැතිවරයා ලෙස යෝජනා වෙමින් තිබු අයකුද ඒ අතර වීම සුවිශේෂී කාරණයකි.

ඔවුන් ජනාධිපතිවරයාගේ එවැනි ඉල්ලීමක් කර ඇත්තේ, ස්වාධින මන්ත්‍රී කණ්ඩායම විසින් ඩලස් අලහප්පෙරුම හෝ නිමල් සිරිපාල ද සිල්වා හෝ විජේදාස රාජපක්ෂ අගමැති ලෙස පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තීන්දුකර තිබියදීය.



මහ බැංකු අධිපතිගේ අනතුරු ඇඟවීම !



කෙසේවුවද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයට ආණ්ඩුව බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීම තුල ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රටේ අස්ථාවරත්වය පිලිබඳ බරපතල අර්බුදයක් මතුවූ අතර රටේ දේශපාලන ස්ථාවරත්වයක් නැත්නම් සිය තනතුරින් ඉල්ලා අස්වෙන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මැයි 11දා මාධ්‍ය හමුවක් කැඳවමින් අනතුරු ඇඟවීමක් කළේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී පැවසුයේ, සතියක් හෝ දෙකක් තුළ දේශපාලන ස්ථාවරයක් ඇති නොවන්නේ නම්, තමා ධුරයේ රැඳී නොසිටින බවයි.
 
මහ බැංකු අධිපතිවරයා, අවධාරණය කළේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර නොගන්නේ නම්, ආර්ථිකය ගොඩනැංවීම කළ නොහැකි බවයි.



මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ, සියලු දේශපාලන පක්ෂ එකතු වී රට ස්ථාවර කිරීමට කටයුතු නොකරන්නේ නම්, තමන්ට පමණක් නොව කිසිවෙකුට රට ගොඩගැනීමට නොහැකි බවයි.


"මම මේකේ හිටියා කියලා විසඳුමක් වෙන්නේ නැහැ. ඒක තනියම මට හෝ කවුරු මේ තනතුරට ආවත් මහ බැංකුවක් විසින් තනියම මේ රට ගොඩගැනීමට බැහැ, ඒ අත්‍යවශ්‍ය ස්ථාවරත්වය රටේ නැත්නම්. එතකොට රටේ හැමෝම අමාරුවේ වැටෙනවා. හැමෝම අරාජික තත්ත්වයට පත් වෙනවා. එවැනි පාලන ක්‍රමයක මහ බැංකු අධිපතිවරයෙකු ලෙස කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැහැ.

මම ඒක පැහැදිලිව කියලා තියෙනවා සියලු ම දේශපාලන පක්ෂවලට, ජනාධිපතිතුමා ඇතුළුව හැමෝටම මම ඒ පණිවිඩය දීලා තියෙන්නේ. ගිය සතියේ මේක සිද්ධ වුණාට පස්සේ මම ඒ පණිවිඩය දුන්නා ඒ හැමෝට ම."



සජිත් බෑ කියයි ! - රනිල්ට ආරාධනාවක් !



මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු යලි ජනාධිපතිවරයා හමුව ඇති 'ස්වාධින මන්ත්‍රී' කණ්ඩායමේ නියෝජිතයින් පස්දෙනා, විපක්ෂ නායකවරයා අගමැති ධුරය බාර ගැනීම තවදුරටත් ප්‍රතික්ෂේප කරන්නේ නම්, අගමැතිකම බාර ගන්න්න ලෙස රනිල් වික්‍රමසිංහට අරාධනා කරන්නයි ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේවුවද මෙසේ රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නැයි ජනාධිපතිවරයාට යෝජනා කල 'ස්වාධින' මන්ත්‍රී කණ්ඩායමේ පිරිස් මේවනවිට බරපතල අර්බුදයකට මුහුණදී සිටිති. ඒ, ආණ්ඩුවට එක්නොවිමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ගෙන ඇති තීරණයත් සමගය.

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්