theleaderlk 01

නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙකු ජනපති ඉදිරියේ අද(14) පස්වරුවේ දිවුරුම් දුන්නේය. ඒ, ජනාධිපති මන්දිරයේදීය.


ඒ අනුව, දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරු මෙසේය.

01. විදේශ කටයුතු – ජී.එල්. පීරිස්
02. විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර
03. නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග
04. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන


ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.

අද දිනයේ දිව්රුම් දුන් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ සභානායක ලෙසද ප්‍රසන්න රණතුංග ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද පත් කිරීමට නියමිතය. 

Leader Whats app

 

 

 

නවතම පුවත්