1200 x 80 DMirror

ගෝඨා ගෝ ගම ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම ආරක්ෂා කිරීමේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන්

විජයවර්ධන පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ගෝඨා ගෝ ගම ආරක්ෂා කිරීම වෙනුවෙන් නගර සභාවේ උදව් උපකාර ලබා ගැනීම සඳහා නගරාධිපතිනියත්, එම භූමිය අයත් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයෙකුත්, එහි වැඩ කටයුතු වලට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජිතයකුත්, සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයකුත් ඇතුළත් කොට කමිටුවක් ද පත් කළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

'ගෝඨා ගෝ ගම 'පාලනය කළ යුත්තේ එතැන සිටින කණ්ඩායම මිස ආණ්ඩුව නොවේ යැයි කී අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවට තිබෙන්නේ ඊට සහයෝගය ලබා දීම බව සඳහන් කළේය.


තරුණ ප්‍රජාවගේ ද සහාය අපේක්ෂාවෙන්


රටේ වත්මන් තත්ත්වයෙන් ගොඩඒම සඳහා විසඳුම් සෙවීමේදී තරුණ ප්‍රජාවගේ ද සහාය අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍ය‍ රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (14) දින තානාපතිවරුන් සහ මහා කොමසාරිස්වරුන් කිහිපදෙනකු සමග පැවති සාකච්ඡාවලින් අනතුරුවය.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යේ මෙන්ම අදත් රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනකු හමුවී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා පවත්වා තිබුණි.

එහිදී ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති, එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහා කොමසාරිස්, ප්‍රංශ තානාපති, ඉතාලි තානාපති, නෝර්වේ තානාපති, යුරෝපා සංගමයේ තානාපති, ජර්මන් තානාපති, ස්විට්සර්ලන්ත තානාපති, ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස්, නවසීලන්ත මහා කොමසාරිස්, කැනේඩියානු මහා කොමසාරිස්ව හමුවී තිබේ.

අදාළ සාකච්ඡාවලින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ, “මිත්‍ර රටවල් ගණනාවක තානාපතිවරු සහ අනෙක් නියෝජිතයින් රැසක් හමුවී මම සාකච්ඡා කළා. ප්‍රතිචාර හොඳයි. ඒත් අපිට සිදුවෙනවා ඒ රටවල් සමග තවදුරටත් සාකච්ඡා කරලා අදාළ ගිවිසුම්වලට ඇතුළු වෙන්න.” කියාය.
 
 

 

Leader Whats app

  

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය